ධීවරයාගේ ඝාතනයට වගකිව යුතු සැකරුවන් තිදෙනෙකු හදුනා ගැනේ.

0
75

mudered fishermenමීගමුව, තලාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන 37 හැවිරිදි කේ. සමින් ප්‍රසන්න පෙරේරා නැමැති ධිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු එම සැකකකරුවන් හදුනා ගැනීම පිනිස පසුගිය මැයි මස 07 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හදුනාගැනිමේ පෙරට්ටුවක් පැවැත්විණි.
මෙම පුද්ගලයා ඝාතනය වී තිබුනේ පසුගිය අප්‍රෙල් මස 21 වැනි ඉරුදින සවස මීගමුව, මහේස්ත්‍රාත් අධිකරණය අසලදී  පිරිසක් කල පහරදීමකිනි. පහරදීමෙන් අනතුරුව ඔහුව මීගමු රෝහලටත් ඉන් පසු කොළඹ ජාතික රෝහලටත් මාරු කර යැවුණු අතර පසු දින එනම් අප්‍රෙල් මස 22 වැනි දින සවස ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබිණි.
ඒ අනුව මෙම පහරදීම සිදු වූ අවස්ථාවේ ඔහු අසල සිටි මුන්නකර ප්‍රදේශයේ වෙසෙන  ඩික්සන් ජයන්ත  නැමැති ඔහුගේ සහෝදරියගේ සැමියා මෙම හදුනාගැනිමේ පෙරට්ටුවට කැදවා තිබිණි.
එම පෙරට්ටුවේදී සමින් ප්‍රසන්නට පහර දුන් සැකකරුවන් තිදෙනෙකුව ඩික්සන් ජයන්ත නැමැත්තා විසින් හදුනා ගත් අතර , එම සැකකරුවන් තිදෙනාම මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වුණි.  එමෙන්ම මේ ඝාතනය සිදු වූ දිනට පසු දිනම එක් සැකකරුවෙකු මීගමුව පොලිසියට භාර වී තිබිණි.
ඒ අනුව මෙම පහරදීමට සම්බන්ධ යැයි සැකකරුන සැකකරුවන් 06 දෙනාගෙන් , සැකකරුවන් සි්ව් දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසු වේ.
එලෙසම ඝාතනයට ලක් වූ සමින් ප්‍රසන්නගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම ඝාතනයට සම්බන්ධ  ඉතිරි සැකකරුවන් දෙදෙනාවද අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය යුහුසුඵව කටයුතු නොකරන බවයි.
එමෙන්ම මෙම මරණය සිදු වී දින කිහිපයක් ම ගත වුවත් මෙම පහරදීමට සම්බන්ධ යැයි පොලිසියට භාර වූ සැකකරු හැරෙන්නට ඉතිරි සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට මීගමු පොලිසිය අසමත් විය.
පසුව ඝාතනයට ලක් වූ ධීවරයාගේ ඥාතිහු සහ අසල් වාසීහු එක්ව මීගමු පොලිසිය හරිහැටි නීතිය ක්‍රියාත්මක නොකරන බව පවසමින් මීගමු නගර මධ්‍යයේ සිට පොලිස් අධිකාරි කාර්්‍යාලයට විරෝධතා පාගමනක් පැවැත්වීය. එහිදී එම විරෝධතා කරුවන් විසින් මේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණව නීතිය කී්‍රයාත්මක කර දෙන ලෙස ඉල්ලා සහකාර පොලිස් අධිකාරිවරයෙකුට සංදේශයක්ද භාර දී තිබිණි. මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරනයේ පැවැත්වෙන නඩු විභාගය නැවත මේ මස 20 වැනි සදුදා දින පැවැත්වීමට නියමිතය.

සැබැඳි පුවත් -පොලිසියට එරෙහිව විරෝධතා

http://www.meepura.com/news/%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80-%E0%B6%8B%E0%B6%AF