ධීවරයෝ තලවිල වාර්ෂික වන්දනා ගමනට පිටත්වෙති ! ඉදිරි සතියේ මාළු හිඟවෙන ලකුණු !

0
269

Thalawilaz_p-40-Unique-00thalawila-2මීගමුවේ පමණක් නොව රටටේම කතෝලික ධිවරයෝ අතිබහුතරයක් දෙනා සිය ප්‍රමුඛතම වාර්ෂික වන්දනා ගමන සදහා දැනටමත් පිටත්ව ගොස් ඇතැයි වාර්ථාවේ .
තලවිල යනු මේ බහුතරයක් ධිවරයන්ගේ ප්‍රධානතම වන්දනා මධ්‍යස්ථානය වන අතර අගොස්තු මංගල්‍යය ඉනුත් වඩාත් ප්‍රමුඛ වෙයි.
අගෝස්තු මස මස 06 වන ඉරිදාට තලවිල මංගල්‍ය දේවමෙහෙය යෙදි ඇත.
ඉන් අනතුරුව මඩු දේවස්ථානය කරා යාම මේ බහුතරයක් ධිවරයන්ගේ චාරිත්‍රයයි.එහි මංගල්‍යය යෙදි ඇත්තේ අගෝස්තු 08වෙනිදාටය.
මේ වෙනුවෙන් ධිවරයන් ලකලැස්ති වන්නේ සති දෙකක පමණ කාලයක සිටය.
ඇතැමුන් පවුල් පිටින් දැනට සතියකටත් කලින් පිටත් වාඩි සියල්ල සකසා පදිංචියද අරභා ඇත.
අනෙක් අය මේ සති අන්තයේදි පිටත් වෙති.
මීගමුව ඇතැම් ගම්වල ක්‍රියාත්මක සණස ණය දෙන සමිති විසින් මේ වාර්ෂික වන්දනාව සදහා විශේෂ ණය මුදල්ද ලබාදෙන බව සැලය.
නිදසුනක් ලෙස මහවිදිය සණස සමිතිය ලක්ෂයක ණය මුදලක් මේ වෙනුවෙන් ලබාදෙන බව වාර්ථාවේ.

Save