ධීවර අරගලය කඩාකප්පල් කිරිමට ආගමික ගැටුමක් ඇති කිරිමේ සැලැස්මක්?

0
61

ඉන්ධන සහනාධාර ඉල්ලා ධීවරයන් විසින් මීගමුව මහනගර සභා භුමියේ කඳවුරුලාගෙන පවත්වාගෙන යනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහය කඩාකප්පල් කිරිම සදහා ආගමික ගැටුමක් ඇති කිරිමේ කිසියම් සංවිධානාත්මක සැලැස්මක් ඇතිද යන්න ගැන සාධාරණ සැකයක් ධීවර නායකයන් අතර මෙන්ම කිතුනු පියතුමන්ලා අතරද ඇතිව තිබෙන බැව් වාර්ථා වේ.
මෙසේ සැක මතුවෙන්නට පටන්ගෙන ඇත්තේ ඊයේ මැදියම් රැයේ කිසියම් පිරිසක් විසින් යතුරු පැදියකින් පැමිණ නගර සභා භුමියේ ස්ථාපිතව ඇති බෞද්ධ ප්‍රතිමාවේ  වීදුරු ආවරණයට ගලකින් ගසා ඇතැයි වාර්තාවේ .
මෙසේ දෙවතාවක්ම පහර දෙනු දුටු ත්‍රිරෝද රථ රියදුරන් කෑ ගැසිමෙන් පසු මේ යතුරු පැදිකරුවන් පලා ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ මීගමුව පොලිසියට ගිය ධිවර ක්‍රියාකාරින් මෙන්ම කිතුණු පියවරුන්ද cib 2111/335 පැමිණිලි අංකය යටතේ පැමිණිල්ලක්ද කර තිබුණි.
එමෙන්ම මීගමුවේ පන්සල්වල ගරු ස්වාමින් වහන්සේලාවද මේ සමබන්ධයෙන් දැනුවත් කිරිමටද බලාරොත්තු වන බැව් වාර්ථා වේ.
රටතුල ආරජිකතවයක් නිර්මාණය කිරිමට මෙන්ම පැන නගින විරෝධතා කඩාකප්පල් කිරිම සදහාද මෙසේ ආගමික ගැටුම් ඇති කිරිම සැලැස්මක් ලෙසින් දැන් සංවිධානාත්මක ඉදිරියට පැමිනෙන ප්‍රවණතාවක්ද දක්නට ලැබෙන අතර ඒ සදහා ආරක්ෂක අංශවල පුර්ණ සහය සහ ආරක්ෂාවද ඇති බව  දැනටමත් හෙළිව ඇති ප්‍රසිද්ධ රහසකි.11 13