ධීවර උපවාසය අවසන් ?පල්ලිය නැවතත් අරගලය පාවාදුන්නාද?

0
43

ඉන්ධන සහනාධාර ප්‍රෝඩාවට එරෙහිව දින 4 ක් පුරා ක්‍රියාත්මක වු ධිවර අරගලය සහ මාරාන්තික උපවාසය මීට සුළු වේලාවට පෙර අවසන් වුයේ අගරදගුරු කාර්දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ජනපති හා කරන ලද සාකච්ජාවක ප්‍රථිඵලයක් ලෙසිනි.
ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ සිට ධිවරයන් සදහා පමණක් නොව ගොවියන් සහ වතුකරයේ ජනයාටද සහන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවය.
කෙසේ වෙතත් උපවාසය අවසන් කිරිම වෙනුවෙන් වු සංවාදය අතරතුරේ එහි රැස්ව සිටි දහස් ගණනක් වු ධිවරයන් සහ ඔවුන් ගේ පවුල් වල අය අතර වුයේ නොසන්සුන්තාවයකි.
කිසිදු ලිඛිත පොරොන්දුවක් හෝ මාධ්‍ය විසින් කරන්නට යෙදුන ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවා නොමැතිව මෙසේ උපවාසය අවසන් කිරිම තවත් වරක් ඔවුන්වම රවටාගැනිමක් බව පවසමින් ධිවර ජනයා සිය  විරෝධය පලකර සිටියෝය.400

2012 වසරේදි ද මිගමුවේ ධිවරයන් විසින් දියත් කර තිබුණු දැවන්න විරෝධතාව අතර මග නතර කර දමා එකඟත්වයකට යාමට සිදුවුයේද පල්ලිය විසින් දුන් පොරොන්දුවක්  නිසාය.
කෙසේ වෙතත් නැවතත් පල්ලිය කෙරෙහි විශ්වාසය තබමින් ධිවරයන්ට දැන් අකමැත්තෙන් වුව අරගල භූමියෙන් ඉවත්ව යන්නට සිදුව තිබේද?