ධීවර යාත්‍රා යොදාගනිමින් සිදුකරන ජාවාරම් මැඩලන්නේ කෙසේද ?

0
116
Boats 1

 

ධීවර යාත්‍රා යොදාගනිමින් සිදුකරනු ලබන විවිධකාරයේ ජාවාරම් පිළිබදව පුළුල් සමාජ කතිකාවක් දැන් නිර්මාණ්‍ය වි තිබේ.
විශේෂයෙන්ම බහුදින ධිවර යාත්‍රා යොදාගනිමින් ප්‍රංශයේ රියුනියන් දුපත වෙත මිනිස් ජාවාරම්කරුවන් විසින් සංක්‍රමණයකයන් රැගෙන යාම පසුගිය කාලය තුල දිගින් දිගටම සිදුවිය.
මේ තත්වය නිසා බහුදින ධිවර යාත්‍රාකරුවන් පවා බරපතල ප්‍රශ්ණයකට මුහුණ දි ඇත්තේ තමන්ගේ බෝට්ටුවල කම්කරුවන් පවා දැන් විශ්වාස කිරිමට  නොහැකිව තිබිම නිසාය.
මේ පසුබිම යටතේය
ධීවර යාත්‍රා යොදාගනිමින් සිදුකරන ජාවාරම් මැඩපැවැත්වීමට විශේෂ මෘදුකාංගයක් හදුන්වාදෙන බව ධීවර අමාත්‍යාංශයට  දැනටමත් ප්‍රකාශ කරන්නට සිදුව තිබේ. ධීවර යාත්‍රා හිමිකරුවන් ද ඊට කැමැත්ත පළකර ඇත.

ධීවර කටයුතු වලට පිටත්ව යාමේදී යාත්‍රාවේ ගමන් කරන පුද්ගලයන් සහ භාණ්ඩ ඇතුලු තොරතුරු ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට මෙම මෘදුකාංගය පිටුවහලක් බවයි අමාත්‍යාංශය විසින් කියා සිටි.