නගරයම පිරිසිදු කරන කම්කරුවන්ට ආයතන 2කක් සලකපු හැටි.???

0
149

පරම්පරා ගානක් පුරා මීගමුව නගරයම පිරිසිදු කළ කම්කරුවන් ජිවත් වුනේ තලාදුවේ ලයිමේය.එහෙත් ඔවුන්ගේ ජිවිත නගා සිටුවිම ගැන දශක ගණනාවක් පුරා කිසිදු පාලනයක් විසින් ඇත්ත අවධානයක් යොමුකර තිබුනේ නැත.පසුගිය දිනක මේ කම්කරු නිවාස අසල ඇතිව තිබු ජලකාන්දුව ගැන ආදල ආයතන වෙත කරුණු දක්වා තිබුනද ඒ ගැන කිසිවෙකුත් වගක් ගෙන තිබුනේ නැත.
තාක්ෂණය එතරම් දියුණු වි නොතිබුන යුගයක මේ කම්කරුවන්ගේ මුතුන්මිත්තෝ නගරයේ වැසිකිලි වලවල් වල අපද්‍රව්‍ය ඉවත් කර තිබුනේ හිසමත තබාගත් බාල්දි මතිනි.
මේ අය එක් දිනක් හෝ මේ කටයුත්ත සිදුනොකලේ නම් නගරයේ තත්වය කෙබදු වන්නට තිබුනේද??
ඒ එදාය.
අදත් එලෙසින්මය නගරයේ පිරිසිදු කිරිම් ඇතුළු වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරිම මේ කම්කරු ජනයා එක් දිනක් හෝ සිදුනොකරන්නට තින්දු ගත්තේ නම් නගරයේ තත්වය කෙබදු විය හැකිද???
රටපුරා ඩෙංගු තත්වයක් මතුව ඇති සමයක මීගමුව මීට ඉහතදි අංක එකේ ඩෙංගු නගරය බවට පත්ව තිබියදි වසරක් පුරා මේසේ ජලකාන්දුවක් සිදුවිමට ඉඩදිම හේතුවෙන් අපතේ ගිය මහජන මුදල් වලටත් වඩා මතුව තිබු ඩෙංගු අවධානමට වගකියන්නට ටෙලිකොම් ආයතනය සහ ජල සම්පත් මණ්ඩලය සුදානම්ද ?
ටෙලිකොම් ආයතනය සහ ජලසම්පත් මණ්ඩලයේ මේ  නොසැලකිල්ල ඉතා පැහැදිලි ලෙසින් මේ කම්කරුවන් දෙවෙනි කොට සැලකිමක් යැයි අප ඉතා වගකිමෙන් යුතුව කියා සිටින්නේමු.
මෙවන් ජල කාන්දුවක්   සිංහල වැසියන් වෙසෙන නිවාස යෝජනා ක්‍රමයක් තුල වුයේ නම් එය පිළිසකර කිරිමට වසරක් ගතවේවිද??DSC02850