නගරයේ හදවතේ ඇති ඩෙංගු බෝ කරන තැන් මෙන්න

0
63

මෙම ජායාරූපයේ දිස්වන්නේ නගර මධ්‍ය‍ෙය්  පිහිටි ප්ලාස්ටික් බඩු වෙළදසැලක පිටුපසයි.
මෙය පිහිටා ඇත්තේ මීගමුව මහවීදියේ සම්පත් බැංකුව සහ ස්ඩෑන්ඩ් චාටර්ඩ් බැංකු
ආසන්නයේම වෙළදසැල් තීරුවේමය. මෙම  ස්තානය දැනට මාස 6කටත්
අධික කාලයක් තිස්සේ පවතින්නේ මේ ආකාරයට වන අතර  මෙම  ප්ලාස්ටික බඩු වෙළදසැල හා අවට ඇති තවත් වෙළදසැල් පිහිටා ඇති මෙම  භුමිය අයත්වන්නේ මීගමුව විවිධ සේවා සමූපාකාර
සමිතියටය.  මෙම භුමිය හා වෙළදසැල්  පුද්ගලයෙකු විසින් විවිධසේවා
සමූපාකාර සමිතියෙන් බදුගෙන තිබේ. මෙම කඩසාප්පු වලට අයත් අවට පරිසරය පිරිසිදුකිරීමේ  වගකීම තිබෙන්නේ මෙම ස්තානය බද්දට ගත් පුද්ගලයාට වන අතර වාර්තා වන ආකාරයට
එම වැසිකිලිවත් පාවිච්චි කළ හැකි තත්ත්වයේ නොමැත.  පසුගිය කාලයේ මෙම ප්ලාස්ටික් බඩු වෙළද සැල අවට කඩ කීපයකම සේවකයන් 5 දෙනෙකුට පමණ ඩෙංගු වැළදුන බව ඒ අවට ව්‍යාපාර කරන පුද්ගලයන් පවසති. මේ වනතෙක් මිගමුව මහජන සෙුඛ්‍ය පරීක්ෂකවරුවත්  එම ස්ථානය පරීක්ෂා
කිරීමට පැමිණ නොමැති බවද ඔවුන් පවසති. පසුගිය සමයේ ඩෙංගු ව්‍යාප්තිය අතින් මීගමුව   වස
ප්‍රධාන ස්ථානයක් ගත් නගරයක් බවටද පත්ව තිබිනි.Photo – නිශාන්ත වීරසිංහ