නගරයේ හැම ප්‍රධාන පාරක් අයිනෙම ත්‍රිරෝද රථ ගාල් ? අවසර දෙන්නේ සැලැස්මක් ඇතුවද ?

0
148

3weelප්‍රධාන නගරවල හැම එකකම පාහේ ඇති ප්‍රධාන මාර්ගවල දැන් ත්‍රිරෝද රථගාල් කිපයක්ම වෙයි.
මේ නිසා විධිමත් රථගාලකරණය සදහා වැඩපිළිලෙක් නැති පසුබිමක පාර අද්දර කෙටි වේලාවකට හෝ රථයක් නවතා ගැනිම අද දුෂ්කරව පවතින්නේ ඒ බොහෝ තැන් ත්‍රිරෝද ගාල් වෙනුවෙන් වෙන්කර ගෙන ඇති නිසාය.
පහත පළවෙන්නේ ඒ එක් අත්දැකිමකි……….

….මම ඊයේ රෑ උවමනාවකට කඩවත නගරට ගිහින් පාරේ අයිනේ වාහන සදහා වෙන කර ඇති ස්ථානයක වාහනය නතර කොට පැයකින් පමණ ආපසු පැමිනෙන විට තරුණයෙක් පැමිණ හට අවවාදයක් කළා එය ත්‍රීරෝද රත නැවතුම් පොලක් බැවින් යලි එම ස්ථානයේ වාහනය නවත්වා නොතබන ලෙස.
ඉන්පසුව මා කල විමසීමේදී මට පෙනී ගියා කඩවත – රාගම මාර්ගයේ මීටර් 100ක් පමණ අතුලත ත්‍රීරෝද රථ නැවතුම් පොළ 3ක් තිබෙන බව. කඩවත නගරයම සැලකිල්ලට ගතහොත් ඒ සංක්‍යාව ඉතා විශාලයි. මේ සියල්ල ප්‍රාදේශීය සබාවේ අනුමැතිය ලත් ස්ථාන. මීට කලිනුත් මා නොදැනුවත්ව ත්‍රීරෝද රථ නැවතුම් පොලක රථය නවත්වා ආපසු පැමිණීමේදී ඔවුන් ඉදිරි පසින් හා පසු පසින් රත ඉවත් නොකර මා අපහසුතාවයට පත් කළා.
ඔවුන් සැමවිටම ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ට ආවේනික ත්‍රීවීල් භාෂාවෙන් බවද මතක් කල යුතුයි. මෙවැනි ජනාකීර්ණ නගර වල වාහනයක් නැවතීමට තැනක් සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තක්.
වාහන නැවතීම සදහා වෙන් කර ඇති ස්ථානවලද මෙසේ ත්‍රීරෝද රත නැවතුම් සදහා වැඩි ඉඩක් වෙන් කිරීම තුලින් රියදුරන් දැඩි අපහසු තාවට පත්වන අතර මෙය නිසා ජනතාවගේ (රියදුරන්ගේ) අයිතිවාසි කම් කඩවීමක් ද සිදු වෙනවා.
මේ සදහා අවදානය යොමු කර ගැනීමට පුරවැසියෙක් විදියට මා හට යම් ආයතනයකට පැමිණිල්ලක් යොමුකළ හැකිද? ඒ කුමන ආයතනයටද?…….
(උපුටා ගැනිම – මුහුණු පොතකිනි )