මීගමුව මහනගර සභාවේ එක්තරා මන්ත්රිවරයෙක් විසින් සිය නිවස අතුගැම කඩේ යැවිම සහ බල්ලන් නෑවිම වැනි කටයුතු වලට පවා මීගමුව මහනගර සභාවේ සුළු සේවකයන් යොදවා ගන්නා බවට වු චෝදනාවක් දැනට කලක පටන් ප්රසිද්ධ සංවාදයක් බවට මීගමුව තුල පත්ව තිබුණි.
මේ සංවාදය දැන් ඔක්තෝබර් මස 08 වෙනිදා පැවැත්වෙන මහසභාවට නිශ්චිත ප්රශ්ණයක් ලෙසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරයෙක් විසින් ඉදිරිපත් කර ඇත.