නගරාධිපතිගේ අතයට ගණුදෙනුවලට සගයන්ගෙන්ම විරෝධය !

0
69

namal with Dayanමිගමුව මහනගර සභාව දිනපතා නරක පුවත් මවන තැනක් බවට වේගයෙන් පත්වෙමින් තිබේ.අද පුවත නගරාධිපති දයාන් ලංසා තනියෙන්ම හම්බකරන් කෑම ගැනය.නගරයේ තැන තැන ඉදිවෙන ගොඩනැගිලි ඇතැම් විට කල් ඇතිවම අවැසි අනුමැතියන් සමගින්ම ⁣ඉදිවෙන ඒවා නොවේ.නගර සභාවද ඉදිරියේදි සිය ගොදුරු බවට පත්කර ගතහැකි නිසා ඔහේ ඉදිකරන්නට දි බලා සිටි.ගොදුරු සොයා යෑම ඇර⁣⁣ෙඔන්නේ ඉන් අනතුරුවය.ඒ වන විට බොහෝ තැන්වල ඉදිකිරිම් අවසන් අදියරටද පැමිණ හමාරය.එවිට නගරාධිපතිවරයා විසින් අදාල ගොඩනැගිල්ලෙන් අල්ලස් ගැනිම සදහා යවන විශේෂ අයෙකු වෙයි.ඔහු නමින් මහේෂ්ය.අදාල තැනැත්තා ගොඩනැගිලි හිමියා වෙත ගොස් ටෝක් කිරිම අරඹයි.එහි මුලික අරමුණ වනුයේ එය අනවසර ඉදිකිරිමක් බවට චෝදනා එල්ලකරලිමටය.ඉන් ගැලවිමට නම් අදාල නිලධාරින්ට යම් සන්තෝෂමක් දි බේරාගතහැකි බවද නගරාධිපති නියෝජිතයා විසින් දන්වා සිටි.මෙ අනුව අනවසර ඉදිකිරිම අවසර සහිත එකක්කිරිම සදහා ලක්ෂ ගණන් වලින් ගණුදෙණු කතාකර ගැනේ.විටෙක මේ මා⁣ටියා ආදායම මසකට ලක්ෂ 100 ඉක්මන අවස්ථාද වේ.දැන් ගැටළුව වන්නේ මේ සියළු මාටියා ආදායම් නගරාධිපතිවරාගේ අතේම පමණක් ගුලිවීමය.මේ නිසා ඇතැම් මන්ත්‍රීලාද ඇතුළු අනෙක් සගයන් දැන් නගරාධිපති හා අමනාපයක් ඇතිකරගෙන ඇත්තේ.හොරාකෑම් බෙදාහදාගෙන නොකිරීම නිසාය.