නගරාධිපතිගේ උපන් දිනය වෙනුවෙන් මහජන බදු මුදලින් පිරිත් කියන කොමසාරිස් නෝනා …

0
270

NGB-commisionar-1ජනාධිපති ගෝඨාභය මේ දිනවල වැඩියෙන්ම අභියෝග එල්ල කරමින් සිටින්නේ රාජ්‍ය නිළධාරින් හටය. පසුගිය කාලය තුල දේශපාලන අතකොළු බවට පත්ව ජනයාගේ ප්‍රශ්ණවලදි ඔවුන්ව රස්සියාදු කරමින් කටයුතු කරමින් සිටින නිළධාරි පැලැන්තියට කන් පිරෙන්නට ජනපති ගෝඨාබය ප්‍රතිචාර දැක්වු අයුරු අප දුටිමු.
එහෙත් තවමත් දේශපාලකයන්ට ප්‍රශස්ති ගයමින් මහජන බදු මුදල් කාබාසිනියා කරමින් පරිපාලන සේවයම තුන්වෙනි පංතියට ඇද දැමු මිගමුව නාගරික කොමසාරිස්වරිය සිය හාම්පුතා වෙනුවෙන් ජනපති ගෝඨභයටද එරෙහිව තවත් අඩව්වක් අල්ලන්න  සුදානමින් සිටි.
මෙවර පිරිතකි.
අද රාත්‍රියේ මිගමුව මහනගර සභාවේ ප්‍රධාන ගේට්ටුවද හරස් කරමින් ඉදිකර ඇති විශේෂ මණ්ඩපයකි.
ඒ රටට සහ පුරවැසියන්ට සෙත්පතා යැයි යන ලේබලය යටතේය.
මේ නිසා අනිවාර්යෙන්ම බරපැන මහජන බදු මුදලින් විය යුතුය.
එහෙත් ඇත්ත නම් නගරාධිපති දයාන් ලංසාගේ උපන් දිනය හෙටට යෙදි ඇත.මේ තුන්වෙනි පංතියේ කොමසාරිස් නෝනා මේ මහජන බදු මුදලින් පිරිත් කියන්නේ රටටවත් පුරවැසියන්ටවත් නොව සිය හාම්පුතාවන නගරාධිපතිවරයා වෙනුවෙනි.ජනපති ගෝඨාභය මිගමුවට පැමිණිය හොත් මෙවැනි තුන්වෙනි පංතියේ නිලධාරින් රැසකගේ ම කන් මිරිකනවාට සැක නැත.