නගරාධිපතිගේ කැබ් එකට කොමසාරිස් හරි කැමැතියිලු ?

0
510

cabමීගමුව නාගරික කොමසාරිස්වරයාගේ නගරාධිපති කැබ් ප්‍රේමය ගැන අප මීට පෙරද අවස්ථා කිපයදිම මතුකළෙමු.
මේ එක් අවස්ථාවකදි අප පළකරන්නට යෙදුනේ කොමසාරිස්වරයා විසින් නගරාධිපති නිළ කැබ් රථය භාවිතා කරද්දි ඔහුගේ බිරිඳ සහ දරුවන් විසින් නාගරික කොමසාරිස්වරයාගේ නිළ රථය භාවිතා කර තිබිම ගැනය..
මේ හෙළිදරව් කිරිමෙන්  පසුව නාගරික කොමසාරිස්වරයා කලබලයට පත්ව සිටි බවද අපට වාර්ථා විය.
මේ අතර නාගරික කොමසාරිස්වරයා විසින් පසුව අනෙකුත් උසස් නිළධාරින් හටද දන්වා තිබුනේ ඇවැසි නම් ඒ අයටද නගරාධිපතිගේ කැබ් රථය භාවිතා කරන ලෙසය.ඒ තමන්ට එල්ල වි තිබුණ චෝදනාව තනුක කිරිම සදහා විය හැක.
දැන් මේ කැබ් කථා පිිළිබදව අපට වාර්ථා වන්නේ අලුත්ම එකකි.
එනම් මේ දිනවල නාගරික කොමසාරිස්වරයාගේ කැබ් රථය නඩත්තු කටයුත්තක් සදහා කඩොල් කැලේ පිහිටි ගරාජයක් වෙත දමා සති දෙකකටත් වැඩිය
මේ කාලය තුලදි ඔහු මහත් ආසාවකින් නගරාධිපතිවරයාගේ කැබ් රථය භාවිතා කරනු ලබයි.
වාර්ථා වන අන්දමට නාගරික කොමසාරිස්වරයාගේ කැබ් රථය නඩත්තු කටයුතු දැන් නිමවි ටික දවසක් වුවද කොමසාරිස්වරයා නගරාධිපති කැබ් රථයෙන් බහින්නට එතරම් කැමැත්තක් නැතුවා සේය.

 

Save

Save