නගරාධිපතිගේ ඥාතියෙකුගෙන් පගා ගත් PHI ට මාරුවක් ?

0
68

dfever10ඩෙංගු කීටයන් සිටියේ යැයි කියන ස්ථානයකට එරෙහිව නඩු දැමිමට සුදනම්කර සිටියදි එය රු 5000 ක අල්ලසකට ඉවත් කිරිමට අදාල තලාහේන  පේරුවේ PHI වරයෙකුට හදිසි ස්ථාන මාරුවක් ලබා දි ඇතැයි වාර්ථා වේ.මේ අල්ලස ලබාගෙන ඇත්තේ මීගමුව නගරාධිපතිවරයාගේ ඥාතියෙකුගෙනි.
මේ සමබන්ධයෙන් අප මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය විජේලත් මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ එවන් චෝදනා ලැබු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කොච්චිකඩේ ප්‍රදේශයට මාරුවක් ලබාදි ඇති බවය.
ඒ පිළිබදව වැඩිපුර විස්තර ලබාගැනිම සදහා ඉන්පසු අවස්ථාව කිපයක්ම ඔහුව ඇමතු නමුත් ඒ අවස්ථාවක් ලබාදිම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා ප්‍රතික්ෂේප කර සිටියේය.
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශය තුල ඩෙංගු වැඩියෙන්ම හිස ඔසවිමින් ඇත්තේද තලාහේන පිටිපන අශ්‍රිත ප්‍රදේශවලින් බවද සැලය.