නගරාධිපතිගේ දරුවෝ විතරක් ඩෙංගු වලින් රැකුනොත් අැතිද ?

0
59

මිගමුව තුල නිසි ලෙසින් ඩෙංගු පාලනය කරගැනිමට නොහැකි විමට අද වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනයා හටය.
පසුගිය සතියේද කුඩා දරුවෙකු ඩෙංගු නිසා මරණයට ගොදුරු වුයේ දළුපත ප්‍රදේශයෙනි.IMG-20191018-WA0042
තතු එසේව තිබියදි නගරාධිපති දයාන් ලංසාගේ නිවසට සහ අවට ප්‍රදේශයේ දිනපතාම දුමායන කටයුතු කරගෙන යන බව වාර්ථා වේ.ඒ දයාන් ලංසාගේ නිවස තුලට හෝ අවම තරමින් මිටර් 100 ක් දුරක් සිටින මදුරුවෙකුට වුවද නිවස දෙසට පියාඹා එන්නට ඉඩ නොතබමිනි.එනම් මහජන මුදල් වැය කරමින් නගරාධිපති දයාන් ලංසා කල්පනා කරන්නේ තමන්ගේ පවුල පමණක් ඩෙංගුවලින් රැකගන්නටය.
සියැසින් දුටුවන් පවසා සිටින්නේ මේ දිනවල දිනකට දෙවරක් පවා මේ දුමායන කටයුතු සිදුවන බවය.
මේ වැය වන්නේ මහජන බදුමුදල්ය.
දයාන් ලංසා මේ කරන්නේ අනික් දරුවො ඩෙංගු හැදිල මැරුණක් කමක් නැ මගේ දරුවෝ බේරගන්න ඕනා යැයි යන ප්‍රතිපත්තියේ පිහිටා බව දිනපතා මේ සිදුවිම දකින ප්‍රදේශවාසියෙකු මිපුර අමතා පවසා සිටියේය.
මේ අතර  පන්සල් පල්ලි වැනි ස්ථානවලට  ජනයා රැස්වන අවස්ථාවන් හිදි ඒ අවට දුමායන කටයුතු කරදෙන ලෙස ඇතැමුන් ඉල්ලා සිටියද අදාල රසායනික ද්‍රව්‍ය නැතැයි කියා ඒවා සිදුනොකරන බවටද මේ වන විට චෝදනා එල්ල වෙමින් පවති.