නගරාධිපතිගේ නාස්තිකාර වියදම් වලට එජාප මන්ත්‍රිලා සහය දෙනවාද ?

0
87

MC UNP team 1 ( 5.00 pm ) මීගමුවේ මහනගර සභාවේ ස්ථිර කම්කරුවන්ට පසුගිය මාස 2 කක කාලය සදහා අතිකාල ගෙවා ගන්නටත් බැරි තරමට නගර සභාව ඇත්තේ දැවැන්ත මුල්‍ය අර්බුදයකය.
තතු එසේව තිබියදි රුපියල් කෝටියකටත් වැඩියෙන් මුදල් වැය කිරිමට පසුගිය කාලය තුල නාගරික කොමසාරිස්වරිය නගරාධිපතිවරයාට අනුමැතිය දි තිබුනේ ඉතා පැහැදිලිව මහනගර සභාවේ බදු මුදල් යොදවා කළ යුතුව තිබුණ අත්‍යවශ්‍ය කටයුතුත් නොවන ඒවා සදහාය.
මෙතරම් මුල්‍ය අර්බුදයක් තිබියදි රු ලක්ෂ 36 කටත් වැඩි මුදලකට පුටු මිළදි ගැනිම වෙන්කිරිම ඇත්තටම අවශ්‍යම කරුණක්ද? එය පැහැදිලිවම පළාත් පාලන නිතියටද පටහැනිය.
තතු මෙසේව තිබියදි නගරාධිපතිවරයා විසින් එජාපේ ඇතැම් නාගරික මන්ත්‍රින් සදහා විශේෂ වරප්‍රසාද ලබාදි ඇතිබවට රාවයක්ද පවති. නිදසුනක් ලෙස අනික් එජාප මන්ත්‍රින් සදහා වියළි ආහාර සහන මලු 50 ක් දෙද්දි එජාපයේ ඇතැම්  නාගරික මන්ත්‍රින්ට සහනමලු  100 බැගින් ලබා දි තිබුන පුවතක්ද වේ.
කෙසේ වෙතත් 19 දෙනෙකුගෙන් සමන්විත එජාප නගාරික මන්ත්‍රි කණ්ඩායම තුල සිටින ඇතැම් ජේෂ්ඨයන් වන ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා ,පියුමි නගාරික මන්ත්‍රිවරයා,රවි ජිවානන්ද විපක්ෂනායකවරය ,සහ නස්මියාර් නාගරික මන්ත්‍රිවරාය නගර සභාව තුල දැනටම ක්‍රියාත්මකව ඇති නාස්තිකාර වියදම් පිළිබදව ගන්නා ස්ථාවරය කුමක්දැයි අප බලා සිටිමු.
මේ අය අතුරින් ගිහාන් බෙන්ජමින් ප්‍රනාන්දු යනු එජාපය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපෙක්ෂකයාය..
සැබැවින්ම ඔහු මේ සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය මිගමුවේ ජනතාවට බෙහවෙින්ම වැදගත්ය.