නගරාධිපතිගේ නීති විරෝධි රට සවාරියකට බදුමුදල් වැය කිරිම ගැන කාවින්ද ජයවර්ධන මොකද කියන්නේ ?

0
211

Dr. Kavindaවත්මන් මිගමුව එජාප සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන යනු මිගමුව පොහොට්ටු නගරාධිපති දයාන් ලංසාගේ ගජ මිතුරෙකි.
තවත් විශේෂ කොට කියන්නේ නම් රාත්‍රි මිතුරෙකි.
ඒ සබඳකම් කෙසේ වුවද කිසියම් දේශපාලකයෙකු මහජන බදු මුදල් නීතිවිරෝධි ගමනකට වැයකරන්නේ නම් යහපාලනය වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන කාවින්ද ජයවර්ධනලා වැනි දේශපාලකයන්ට ඊට ඉඩ දිය හැකිද යන්න බරපතල ගැටළුවකි.
කෙසේ වෙතත් කාවින්ද ජයවර්ධනගේ නායකයකත්වය යටතේ මුදල් කාරක සභාවේ පෙනි සිටින එජාප නාගරික මන්ත්‍රිලා වන නස්මියාර් සහ කැලිසන් ජයකොඩි යන අය මේ වන විටත් දායන් ලංසාගේ නීතිවිරෝධි ඔස්ට්‍රේලියානු සාවාරිය සදහා අත්දෙකම ඔසවා සහය පළකර තිබේ.
හෙට ( 2019.08.01 ) පැවැත්විමට නියමිත මහසභා රැස්විමේදි මේ නීතිවිරෝධි ක්‍රියාවට මිගමුව එජාප නායකයා සිය නාගරික මන්ත්‍රිලාට දෙන උපදේශය කුමක්ද ?
රාත්‍රි මිතුරාට සහය පළකරන ලෙසද ?නැතිනම් මිගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් මෙයට එරෙහිවන ලෙසද ?
කාවින්දගේ ලිට්මස් පරික්ෂණය හෙට පෙරවරුවේ මෙසේ පැවැත්වේ.