නගරාධිපතිගේ පාසිකුඩා බජට් සවාරියට නොයන එජාප මන්ත්‍රිලා කව්ද ?

0
78

UNP at Mcඅප විසින් ඊයේ දිනයේ පළකරන්නට යෙදුන නගරාධිපතිගේ පාසිකුඩා බජට් සවාරියට  එජාප මන්ත්‍රිවරුන් 15 දෙනෙකු යන බවට වු පුවතත්  සමගින් පුළුල් කතාබහක් දේශපාලන කවයන්හි මතුව තිබේ.
රටම අනතුරේ හෙළන කුමන්ත්‍රණයක් මහින්ද රාජපක්ෂලා විසින් දියත් කර තිබියදි ඒ රාජපක්ෂලාගේ මිගමුවේ නියෝජිතයන්ගේ බජට් එකට එජාප සහයද ලබාගැනිම යටි  අරමුණ කරගත් පාසිකුඩා සවාරියක් යෑමට සැලසුම් වෙද්දි එයට එජාප මන්ත්‍රින් 19 න් 15 දෙනෙකු ම යැමට කැමැත්ත පළකර ඇතැයි මිගමුව එජාප මන්ත්‍රි කණ්ඩායමේ ලේකම් රවි ජිවානන්ද මන්ත්‍රිවරයා පවසා සිටිම මේ කවයන්හි ද බරපතල විවේචනයන්ට ලක්ව තිබේ.
අප ඊයේ දිනයේ රවි ජිවානන්ද මන්ත්‍රිවරයාගෙන් විමසු විට එයට  පිළිතුරු දෙමින් ඒ ගමන යා යුතු බවට ඔහු අප වෙත කරුණු ඉදිරිපත්කර සිටියේය.
සමාන්‍යයෙන් ඇයවැයකින් පසු මෙසේ මන්ත්‍රිවරුන්ට විනෝදවිම සදහා යම් මුදලක් වාර්ෂිකව වෙන් කර  ඇතැයිද ඔහු පවසා සිටියි.
එහෙත් අප පෙරළා ඔහුගෙන් විමසා සිටියේ අයවැයට පෙර යන මේ ගමන යනු ට්‍රිප් අල්ලසක් නොවේදැයි කියාය.
කෙසේ වෙතත් මේ ගමනට එජාප මන්ත්‍රිවරුන් 4 දෙනෙකු නොයන බව රවි ජිවාන්නද මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයෙන්ම හෙළිවි තිබේ.
මේ ගැන අප ඊයේ දිනයේදි කරන ලද විමසුමකදි මේ එක් මන්ත්‍රිවරවෙකු කියා සිටියේ පාසිකුඩා යෑමට අවැසි නම් තම දරුවන් හා බිරිඳ ද සමගින් තමන් පුද්ගලික මුදලින් එහි යන බවය.
කෙසේ වෙතත් මෙය දැන් මිගමුවේ දේශපාලන කවයන් අතර පමණක් නොව සමාජ මාධ්‍යවලට කථාබහක් බවට නිර්මාණය වෙමින්  තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here