නගරාධිපතිගේ මාධ්‍ය සංදර්ශන සහ බල්ටි නැති, විසිල් විතරක් ඇති, මිගමුවේ කොරෝනා පාලනය ….

0
99

PCR 4මීගමුව දැන් බරපතල අවදානමකට ලක්ව හමාරය .එය පසුගිය මාර්තු වල ඇරඹි කොරෝනා පැතිර යාමට වඩා බෙහෙවින්ම බියකරුය.එවකට මීගමුවේන් වාර්ථා වි තිබුනේ ඒක ආසාදිතයෙකු වුවද ඒ මරණයද කොරෝනා ආසාදිත එකක් වුයේදැයි සැක පසුව මතුව තිබුණි.එම සතියේම අක්කර 50 ප්‍රදේශයේ දරුවෙකුගේ  PCR පරික්ෂණ වාර්ථා පොසිටිව් විම නිසා මිගමුව රෝහලෙන් කොළඹට මාරු කර යැවුන අතර ඒ ප්‍රතිඵලයද සැක සහිත එකක් වි තිබුනේ ඒ දරුවාගෙන් පවුලේ කිසියෙකුටත් ආසාදනය වි නොතිබුන පසුබිමකය.
දැන් තත්වය එහෙම පිටින්ම වෙනස්ය.
දැනටමත් රෝගින් 92 කකි.
තවත්  PCR පරික්ෂණ ප්‍රථිපල ලැබිමට නියමිතය.
මේ පසුබිම යටතේ මිගමුව මේ නැගි එන බරපතල අවදානම් තත්වයට මුහුණ දිම සදහා පුලුල් ප්‍රයෝගික සහ බුද්ධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කරගත යුතුව තිබේ.
එය හුදු දේශපාලනය තොරම්බල් කරන්නක් නොවිය යුතු අතර දේශපාලකයන් බැලුම් මෙන් උඩයවන මාධ්‍ය සංදර්ශනයක්ද නොවිය යුතුය.
එසේ නම් එැවැනි කටයුතු වලදි මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැවරෙන රාජ්‍ය වගකිම අති මහත්ය.එවිට දේශපාලන සංදර්ශන වෙනුවට පරිපාලනමය ප්‍රවේශයක් එයට ලැබෙනු ඇත.
දේශපාලන අධිකාරියේ නායකත්වයෙන් කොරෝනා රැල්ල ඇරඹි සති 3 කටත් පසුව පැවැති රැස්විමේදි ගණු ලැබු තින්දු සැබැවින්ම නිවරදි ,ප්‍රයෝගික හා විශේෂයෙන්ම කොරෝනා රැල්ල පාලනය කිරිමට පසුබිම හදන ඒවා වුයේදැයි දැන් ගැටළු පවති.

මිගමුව අද මුහුණ දි ඇති බරපතලම ප්‍රශ්ණය වන්නේ පිමි පණිමින් පැතිරෙන්නට නියමිතව ඇති කොරෝනා තත්වය මීගමුව තුල නිසි අයුරින් පාලනය කරගැනිමට මහනගර සභාවේ මුල්‍ය තත්වය අන්තිම බිංදුවට වැටි තිබිමයි. පසුගිය ඡන්ද සමය තුල මනාප එකතු කිරිිම වෙනුවෙන් ප්ලාස්ටික් පුටු,බඩු මළු , හදපු පාරවල් පවා යළි කොන්ක්‍රිට් කිරිම් ආදි සකලකාරයෙන් මහජන බදු මුදල් වැය කරමින් දැවැන්ත මුල්‍ය අර්බුදයක් නගරාධිපති විසින් නිර්මාණය කර තිබුණි.

මේ පසුබිම යටතේ මැතිවරණයට මසක් තිබියදි මහනගර සභාවේ පැවැති රු කෝටි 7 ක් ස්ථාවර තැන්පතුවද නිදහස් කර ගෙන තිබුණි.
දැන් සැබැවින්ම හිඟන්නෙකුට බත් පාර්සයලක් දිමටත් සමාජ මාධ්‍ය වලින් ආයාචනා කරන්නට නගරාධිපති දයාන් ලංසාට සිදුව ඇත.මහජන පසුගිය මැතිවරණයට කාබාසිනියා කළ නගරාධිපතිවරයාට මේ ආයචනය ඇත්තටම ජනයා විසින් කළ නොහැකිව ඇති නිසා වස්තිලා,නලින්ලා ලවා ජනතාවට කරුණු කිමට දැන් පටන් ගෙන තිබේ.
දෙවියන් නැති තැන මෝඩයෝ පිණුම් ගසනවා යැයි කියමනක් තිබේ. අද මිගමුවේ සිදුවන්නේද එවැන්නකි.මේ දැවැන්ත අවධානම් තත්වය හමුවේ දේශපාලකයන්ගේ ප්‍රතිරුප පමණක් ගොඩ නගාගැනිමට ලැජ්ජා නැතිව කටයුතු කරමින් සිටින දේශපාලන අධිකාරියක් හමුවේ මිගමුවේ ජනතාවට ඇත්තටම ආදරය කරන උගත් බුද්ධිමත් ජනයා මේ බැරැරුම් තත්වය නිවරදිව තේරුම් ගනිමින් මිගමුවේ කොරෝනා රැල්ල පාලනය කිරිම සදහා අවංකවම ස්වාධින වැඩිපිළිවෙලක් නිර්මාණය කරගැනිමේ අවශ්‍යතාවය දැන් මතුව තිබේ.
Screenshot_20201031_130529මෙතරම් දරුණු තත්වයක් මිගමුවේ නිර්මාණය මෙමින් තිබියදි Hello දයාන් යැයි ඔහු අමතා අවශ්‍යතාවය කියන්නට යැයි මීගමුවේ නිරෝධානය වන ජනයාට අද කියා තිබේ.
අද මිගමුව මුහුණ දෙමින් ඇත්තේ මාධ්‍ය සංදර්ශන වලින් ගොඩ දා ගත නොහැකි දැවැන්ත අර්බුදයකටය..නගරාධිපති දයාන්
එමෙන්ම නගරාධිපතිවරයා විසින් පළ කර ඇති තවත් ෆේසු බුක් පෝස්ටුවක දැක්වෙන්නෙ නගරාධිපතිවරයාගේ පුද්ගලික ඉල්ලිම මත මිගමුවේ ආසාදිතයන්ව හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා සහ බැසිල් රාජපක්ෂ විසින් වඩාත් ආරක්ෂිත තැනකට යොමු කර ඇති බවයි.
මෙවැන් පෝස්ටුවලින් සැබැවින්ම හෑල්ලුවට ලක්වන්නේ හමුදාවත් ශ්‍රවේන්ද්‍ර සිල්වලා සහ බැසිල් රාජපක්ෂලා බව තේරුම්ගැනිමටත් බුද්ධිමත් බවක් මිගමුවේ දේශපාලකයන්ට නොමැති විම සැබැවින්ම කණගාටුදායකය.
මින් කියැවෙන්නේ හමුදාපතිවරයා සහ බැසිල් රාජපක්ෂලාලා ලවා හොද තැන්වලට ආසාදිතයන් යැවිය හැකි තත්වයක් තිබෙනවා යැයි කියාද ?
නගරාධිපති ගේ ෆේස් බුක් නඩය විසින් සිරියස් වැඩක් කරමින් සිටින ශ්‍රවෙන්ද්‍රලා සහ බැසිල්ලාවද දැන් ජෝක් කරමින් සිටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here