නගරාධිපතිතුමෙනි මේ කට්අටුට් එකට නගර සභාවට සල්ලි ගෙව්වද ?

0
101

මීගමුව පුරා ආණ්ඩුවේ දේශපාලකයන් විසින් සිය ප්‍රණාම ජනපති වෙත පුද කරමින් දැවැන්ත කට්අටුට් සවි කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද උදෑසන අප කළ විමසුමට අදහස් පළ කළ නාගරික කොමසාරිස්වරයා පවසා සිටියේ ඒ කිසිදු කට් අවුට් එකක් අදාල බදු ගෙවා අනුක්‍රමික අංක ලබාගෙන ඇතැයි තමන් විශ්වාස නොකරන බවය. දේශපාලන කටු අවුට් සදහා සාමාන්‍යයෙන් නගර සභාවෙන් අවසර නොගන්නා බවද ඔහු පවසා සිටියේය.
එහෙත් පළාත් පාලන නිතියට අනුව නම් නගරයේ  ප්‍රදර්ශන කරනු ලබන සියළු බැනර් සහ කට්අවුට් වෙනුවෙන් අදාල මුදල ගෙවා අනුක්‍රමික අංකයක්ද ලබාගත යුතුය.එසේ නොවන සියළු බැනර් කට්අවුට් ගලවා ඉවත් කිරිම සිදුවේ.
එහෙත් අන් සෑම නගරයක මෙන්ම මීගමුවේද පළාත් පාලන නිතිය ක්‍රියාත්මක නොවේ.235

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here