”නගරාධිපතිව අවුරුදු 2 න් අයින් කරනවා”-බලවතෙකුගෙන් තර්ජන?

0
66

stock-vector-night-a-thief-wearing-a-mask-prepares-to-steal-89329585මීගමුව නගරාධිපතිව හමුවිමට පැමිණි මීගමුවේ ගෝඩ් පාදර් කව්දැයි අපි පසුගිය දිනක හෙළි කළෙමු. කොටකලිසමක් ඇද නගර සභාව තුලට පැමිණ ඇති මේ ගෝඩ් පාදර් එහි සිටි අය වෙත කියා ඇත්තේ මීගමුව නගරාධිපතිව අවුරුදු 2 කකින් අයින් කරන බවය.
මෙසේ තර්ජනය කරන්නට හේතුවි ඇත්තේ මීගමුව බිච් පාක් එක සදහා ඉල්ලා සිටි බැකෝ යන්ත්‍රයක් නගරයේ වෙනත් අවශ්‍යතාවක් සදහා යොදවා තිබුණ බැවින් එය බිච් පාක් එක වෙත නොයැවිමයි.
මීගමුවට ඇත්තේ එක් ගෝඩ් පාදර් කෙනෙකි.
මීගමුෙව් සියළු දේවල් මෙහෙයවන්නේද මහජන සුව සෙත සදහා නගර සභාවට ආදායම් ගැනිම සදහා ඇති තැන් සියල්ල නිති ප්‍රකාර ටෙන්ඩර් පටිපාටිවලින් තොරවම  අවුරුදු ගණන් භුක්තිවිදිමට වාසනාවන්ත වි ඇත්තේද ඔහුමය.
දේශපාලනයේ නිරත පුතුන් දෙදෙනා පමණක් නොව නගරාධිපති මෙන්ම මීගමුවේ සියල්ලෝ ඔහුට බිය විය  යුතු යැයි ඔහු සිතයි.
මේ නිසාම මෑත දිනක නගර සභාවට පැමිණ ඔහු හැසිරි ඇත්තේ තමන් මීගමුවේම අයිතිකාරයා ලෙසිනි.
ඔහුගේ වැඩිමහල් පුතු වන පළාත් සභා ඇමති නිමල් ලංසා කෙසේ වෙතත් මේ හයිරන් කාර තාත්තාගේ උදව්වෙන් තවත් මාස කීපයකින් මීගමුවේ නගරාධිපති විමට සිහින දකිමින් සිටින්නේ බාල පුතුය.
”මූ යන්නේ අපේ පුතා අරන් දුන්න වාහනෙ අපි මූට ඉන්න දෙන්නේ නෑ” කියමින් නගර සභාෙව් අයට පවසා ඇතැයි වාර්ථා වේ.
මහජන චන්්දයෙන් පත්වුණ  නගරයේ ප්‍රධාන පුරවැසියා වු නගරාධිපතිවරයාට කොට කලිසමක් ඇදගෙන විත් දේශපාලකයන්ගේ තාත්තලාට චණ්ඩි පාට් දාන්නට පුළුවන් තරමට දැන් ආසියාවේ ආශ්චර්යය මීගමුවට පාත්වි ඇත.