නගරාධිපති දයාන් තවත් අඩව්වකට සැරසෙයි ? වෙරළ උද්‍යානයේ නම වෙනස් කිරිමට යෝජනාවක් ?

0
56

MC sec and dayanමීගමුව මහ නගරසභාවේ සභා රැස්වීමට නගරාධිපතිවරයා විසින් විශේෂ යෝජනාවක් ගෙනෙන ලදී . ඒ වෙරළ උද්‍යානය පිළිබඳවය.
මීගමුවට අයිති එකම වෙරළ උද්‍යානය පසුගිය දිනවල නිතර සාකච්ඡාවට භාජනයවූ තේමාවක් විය . මීගමුව මහ නගරසභාවේ සභා රැස්වීම් ගත්තද එය එසේමය එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම වෙරළ උද්‍යානය තනි පුද්ගලයෙකුගේ වුවමනාව මත කලමණාකරනය වීමයි .එමෙන්ම එය තනි පවුලක් බුදයක් බවට පත්ව තිබිමයි.
ඒ අනුව ඔවුන් නගර සභාව තමන්ගේ බූදලයක් ලෙස සිතා කටයුතු කරති . මෙම වෙරළ උද්‍යානය පාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පෙන්නුම් කරන තවත් එක් අවස්ථාවක් පමණි .
මෙහි දැනට පවතින “ඒත්තුකාල වෙරළ උද්‍යානය ” යන නම වෙනුවට “මීගමුව වෙරළ උද්‍යානය ” යන නම යොදා ගත යුතුය යනුවෙන් ඉදිරිපත් කළ මේ යෝජනාව තුළ ඇති සැඟවුණු අවශ්‍යතාවයක් පවතීදැයි කසුකුසුවක් පවතී.
අද මෙම වෙරළ උද්‍යානය නඩත්තු වන ආකා⁣රයට ඉහතකී කාරණය පැහැදිළිවේ. නමුත් මෙම යෝජනාව පළමුව ඉදිරිපත් කළ නියෝජ්‍ය නගරාධිපති වරයෙකු වූ ජෝන් මහතා ගෙන ආ ව්‍යාපෘති අතර මෙය ප්‍රධාන එකකි.
එකල එම දේශපාලන නායකයින්ගේ අරමුණු අනුව මෙහි මුදල් අයකිරීමක් සිදුවී නැත .
මිනිස්සු තම විවේක කාලය ගත කිරීම සඳහා නිදහසේ ආගිය තැනක් ලෙස මෙහි තිබී ඇත්තේ පොදු භාවිතාවකි. එය වෙනස් කලේද අද මෙහි නම වෙනස් කිරීමට යෝජනා කරන පුද්ගලයාගේ පියාය. ඇ
ඒ අනුව ඔහු ක්‍රමානුකූලව මෙම ස්ථානය තමන්ට මුදල් හම්බ කිරීම සඳහා මාර්ගයක් කර ගන්නා ලදී .
ඉතිහාසය අපට කියා දෙන පාඩම නම් නගරසභාව බුද්ධිමතුන් සහ උගතුන් අතට පත්වූ පසුව එය පොදු ජනතාවගේ යහපතට හේතුවූ බවත් , එය එසේ නොවී මුග්ධ පාලකයින් අතට පාලනය විතැන්වූ විට එය ජනතාවගේ අයහපතට හේතුවන බවත්ය.