නගරාධිපති ,සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට කඩොල් කැලෙන් පර්චස් 40 ක් දෙන්නට යයි ?

0
108

dayan lansa mayorමිගමුව නගරාධිපති දයාන් ලංසා සමුද්‍රිය  පරිසර ආරක්ෂණ අධිකාරියට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ක්‍රිඩාංගනයේ ඉඩමෙන් කොටසක් ලබාදිමට  ඇති සුදානමක් ගැන වාර්ථා වේ.
එයට අදාල ඉල්ලිම කර ඇති වාර්ථාවේ දක්වා ඇත්තේ  දැනට මහනගර සභාව විසින් පරිහරණය කරන ඉඩමකින් මෙසේ පර්චස් 40 ක් ලබාදිමට යන බවය.
මෙහිදි මතුවන පැහැදිලි ගැටළුව වන්නේ මහනගර සභාවට අයත් යැයි පවා කියා නැති දැනට නගර සභාව විසින් පරිහරණය කරනු ලබන ඉඩමක් කොටසක් තවත් ආයතනයකට ලබාදිමට ඉල්ලා සිටිම නගරාධිපතිවරයාට ඇති අයිතිය ගැනය.
එපමණක් නොව මෙවැනි යෝජනාවක් ගෙනඒමට අදාලව දැනටමත් නගරාධිපතිවරයා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගයම වැරදි බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට අදහස් දැක්වු ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
මේ අතර පළාත් පාලන නිති රිති පිලිබදව නගරාධිපතිවරයාට ඇති අඩු අවබෝධය දැන් අවස්ථා ගණනවාකදිම ඉතා පැහැදිලිව ප්‍රකාශමාන වු බවද ඒ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.