නගර සභාවට කිසිදු දැනුම් දිමක් නොකළ කානිවල් එක ගැන කොමසාරිස්වරිය නිහඬ ඇයි ?

0
156

ප්‍රදේශවාසින්ගේ විරෝධය හේතුවෙන් පෝරුතොට වැල්ලේ පසුගිය දිනවල පැවැත්විමට නියමිතව තිබු කානිවල් එක සහ ෆුඩ් පෙස්ටිවල් එක කොච්චිකඩේ පොලිසිය විසින් නවතා දමා තිබුණි.

ලංසා පවුලෙන් දේශපාලන පත්විම් ලබා මිගමු නගර සභාවේ සේවය කරන පිරිසක් විසින් මේ කානිවල් එක සංවිධානය කර තිබුණි.

එසේ නවතා දැමුණු කානිවල් එක ගැන මළ පැන්න ⁣ප්‍රධාන සංවිධායකයෙක් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ කොට තිබුණි.

දරුවන් ඉස්සරහට දමා හෝ නත්තල් කන්න ගාන කපා ගතහැකි නම් එපමණය.එය ඔවුන් ගේ තියරියයි.කෙසේ වෙතත් මේ පිරිස යළිත් වරක් පෝරුතොට ඉස්සන් වාඩිය අසල ඉඩමක පොලිසිය එදා තහනම් කළ කානිවල් එක ඊයේ සිට සංවිධානය කරනවා යැයි කියමින් ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසිමකදි නාගරික කොමසාරිස්වරිය කියා සිටියේ මේ කානිවල් සංවිධාකයන් විසින් කිසිදු දැනුම් දිමක් හෝ අවසර ගැනිමක් සිදුකර නැති බවය.

විනෝද බදු  ආදායම් එකතු කිරිමේ වගකිමද පැවරි ඇති ආදායම් පරික්ෂකවරුන් පවා මේ කානිවල් නාගඩගමේ කොටස්කාරයන් ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන් කල්පනා කරන්නේ නගර සභාවට නොව ඔවුන්ට ආදායම් ලැබෙන සේ කටයුතු සංව්ධානය කිරිමටය.

දැන් කොමසාරිස්වරියගෙන් අපට අසන්නට ඇත්තේ ඉතා සරල ප්‍රශ්ණ කීපයකි.

01.මිපුර වෙබ් අඩවිය ඔබගෙන් විමසන අවස්ථාව වන විටවත් ඔබ මේ ගැන දැනසිටියේ නැද්ද?

02.දැන සිටියේ නම් ඔබ ගත් ක්‍රියාමාර්ග කවරේද?

03.නොදැන සිටියේ නම් අප ඔබව දැනුවත් කළ පසු ඒ සම්බන්ධව ගත් ක්‍රියාමාර්ග මොනවාද ?

04.ෆුඩ් පෙස්ට්වල් පැවැත්ව්මට මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්ගේ අවසරය ලැබි ඇතිද?

05.මෙය දෙසැම්බර් 18සිට 23 දක්වා පැවැත්වෙන බව  ප්‍රචාරක පුවරු ක සඳහන්ය.

මේ ගැන කඩිනමින් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

මිගමුවේ ඕනෑම අයෙකුට තමන්ගේ හෝ වෙනත් අයෙකුගේ ඉඩමක නගර සභාවට දැනුම් නොදි කානිවල් සංවිධානය කිරිමට ඔබ ඉදිරියේදි අවසර දෙන්නේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here