නගර සභාවේ බේබදු රියදුරා ඩෙංගුවලට දුම්ගහන වාහනය හප්පලා?

0
86

මීගමුව මහනගර සභා සුළු සේවක බල ඇනිය යනු එහෙම පිටින්ම දේශපාලන හෙංචයියන්ය.ඉනුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු ලංසා පවුලේ මෙහෙකරුවන් බහුතරයකි.
ඊට හේතුව වන්නේ නාගරික මන්ත්‍රි දයාන් ලංසා සෞඛ්‍ය කමිටුවේ සභාපති විමයි.
පසුගිය දිනයක නගර සභාවේ කැබ් රථයක් මීගමුව නගරය තුලදි අතිසුඛෝපහෝගි වාහන දෙකක්ද හප්පාගෙනම අනතුරට ලක්ව තිබුණි,මේ කැබ් රථය ඩෙංගු මර්ධන කටයුතු වලදි දුමායනය සදහාද යොදාගනු ලබන්නකි,
මෙහි රියදුරා දවස පුරාම බිමතින් සිටින්නෙකු ලෙසින් ප්‍රකට වසිටියද ඒ සදහා කිසිදු විනය ක්‍රියාමාර්ගයක්  ගැනිමක් සිදුනොවන්නේ  ඔහු ඇමති ලංසාගේ ප්‍රබල ආධාරකරුවෙකු නිසාය.
පුද්ගලික ගමනක් යන අතරතුරේ මේ කැබ් රථය හප්පාගෙන ඇතැයි වාර්ථා වන අතර ඒ අවස්ථාවේදිද ඔවුන් බිමතින් සිට ඇත.