මිගමුව මහනගර සභාවේ කම්කරුවන් කැඳවා වත්මන් කොමසාරිස්වරිය උස් ස්වරයෙන් ඔවුන් අමතමින් කියා තිබුනේ තමන් සමඟින් වැඩ කළහැකි අයට හිටිය හැකි බවත් බැරි යැයි සිතෙන අයට සමුගෙන යා හැකි බවත් වැනි කතාවකැයි කම්කරුවන් කියා සිටිති.
මේ සිදුවිම පසුගිය සිකුරාදා දිනයේ සිදුව තිබේ.අප අමතා කථාකළ කම්කරුවෙකු කියා සිටියේ කොමසාරිස්තුමියගේ ඒ වාග් ප්‍රහාරය ගැන තමන් ඇත්තටම කළකිරුණු බවය.
කෙසේ වෙතත් මිගමුව මහනගර සභාවේ ඇතැම් කම්කරුවන් තවමත් ලංසා පාලන කාලයේ මෙන් රස්සියාදු ගැසිමටත් ,නගර සභාවෙන් වැටුප් ගෙන ලංසා පවුලේ ආවතේවකම් කරන පිරිසක්ද එහි වන බවද දැන් ප්‍රසිද්ධ රහසකි.