නගර සභා නිලධාරිනියන් දෙදෙනෙකුට මන්ත්‍රිගෙන් තර්ජන ….

0
86

මීගමුව මහනගර සභාවේ නිළධාරින් හට දේශපාලන අධිකාරියෙන් එල්ල වන තර්ජන දිනෙන් දින වැඩිවෙමින් තිබේ. මෙහි අලුත්ම සිදුවිම වන්නේ නාගරික කොමසාරිස්තුමියට සහ පුස්තකාලාධිපතිනියට කර ඇති තර්ජනයයි.
මේ දෙදෙනාම කැදවා ඇති දයාන් ලංසා මන්ත්‍රිවරයා ප්‍රසිද්ධියේ බැන වැදි ඇත්තේ නගරාධිපතිවරයාගේ කාමරය තුලදි බවද වාර්ථා වේ.
පුස්තකාල කමිටුවට පත්කර ඇති අතැම් සාමාජිකයන් එසේ පත් කලේ ඇයිදැයි අසමින් මේ නිළධාරිනියන්ට බැන වැදි ඇත.පුස්තකාල කටයුතු අයත් වන්නේ නගර සභාවේ ප්‍රජා සංවර්ධන කමිටුවටය. එහි සභාපතිත්වය දරන්නේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතාය.තතු එසේ වුවද සෞඛ්‍ය කමිටුවේ සභාපතිත්වය දරන දයාන් ලංසා මන්ත්‍රිවරයා නගරාධිපතිගේ කාමරයට මේ ඉහල නිල දරන කාන්තා නිලධාරින්යන් කැදවන්නට තරම් තත්වයකට මීගමුව මහනගර සභාවේ චණ්ඩි කම් වර්ධනය වි ඇත.