නඩත්තුව බල්ලට ගිය කුට්ටිදූව මාළු ලෙල්ලම ….

0
546

IMG 20220225 WA0001IMG 20220210 WA0010

අද මීගමුව නගරයේ ප්‍රධාන ජනතා දේපලක් ලෙස සැළකෙන කුට්ටිදූව මාළු ලෙල්ලම සහ ඒ අවට ප්‍රදේශය නිසි නඩත්තුවක් සිදු නොවන කිසිවෙකුගේ වගකීමක් නැති තත්ත්වයට පත්වී ඇත . මේ පිළිබඳව ජනතාවගෙන් විමසූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය තුළින් ප්‍රකාශ වන්නේ එය පුද්ගලික බූදලයක් බවට පත්වී ඇති බවකි.IMG 20220210 WA0007

මෙම ගොඩනැගිලි අතර සමහර තැන්වල මුළුමනින්ම වහළවල් නැත . තැනින් තැන වලවල් හෑරීම නිසා මාළු අපද්‍රව්‍ය එම වලවල් වල රැඳී තිබෙනු දැකිය හැක. ප්‍රධාන පාර නිතර වතුර පිරි විලක් සේ දිස්වෙයි .
මෙහි වෙළඳුන්ගේ අවශ්‍යතාවය සපුරාලීමට ගොඩනගා ඇති වැසිකිළිය අද කුඩුකාරයින්ගේ තිප්පොළක් බවට පත්වී ඇති බව ප්‍රදේශවාසීන් පවසති . මෙය වසාදමා තිබුණද කලක් තිස්සේ මෙහි යතුරු ආදිය පරිහරණය වන්නේ අයතා කටයුතු සඳහා බව ඔවුන් පෙන්වා දෙති.

මෙම මාළු ලෙල්ලම , එලවළු ආදිය විකුණන ස්ථාන සහ පාපැදි ,යතුරු පැදි නවතා තබන ස්ථානවල එහි ලබන ආදායම පිළිබඳව, ඒවායේ වගකීම පිළිබඳවත් විවිධ කතාබහ පවතී. නිවැරැදි ක්‍රමය අනුව නඩත්තුව මීගමු නගරසභාව විසින් සිදුවිය යුතු වන අතර එහි ආදායමද නගරසභාවට ලැබිය යුතුය .

නමුත් එය එසේ නොවන බවත් , ඒවා නිසි පාලනයකින් තොරව පුද්ගලික අවශ්‍යතාවය මත සිදුවන බවත් ප්‍රදේශවාසීන් පවසති.IMG 20220225 WA0005IMG 20220225 WA0008IMG 20220225 WA0002IMG 20220225 WA0007IMG 20220225 WA0006

 

 

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here