නඩත්තුව බල්ලට ගිය පාංකඩ හංදිය .

0
182

IMG-20200205-WA0021IMG-20200205-WA0024

මීගමුව , නගරයේ පාරවල් කඩතොළුවී ගොස් අනතුරු සිදුවිය හැකි ස්ථාන කොතෙකුත් ඇත . නමුත් ඒවා හදන පාටක් හෝ හැදෙන පාටක් නැත . පාංකඩ හංදියද එවැනි ස්ථානයකි . නිතර වාහන තදබදයට ලක්වන, ප්‍රශ්ණ මතුවන තැනක් ලෙසද දැක්විය හැක.පෙරියමුල්ල සහ අඟුරුකාරමුල්ල පංසල අතර ගමන් කරන වාහන මෙම ස්ථානයේදී මුනගැසෙන අතර කොප්පරා හන්දිය සහ දිවුලපිටිය , මීරිගම දක්වා ගමන් කරන වාහනද මෙහිදී මුනගැසේ. එසේ තිබියදී මේ හංදියේ කානුවල දමාඇති කොන්ක්‍රීට් ලෑලි ගැලවී ගොස් ඒවා කුනු කසල සහ වෙනත් ජරාවලින් පිරී ඇත.
නගරයේ සියළු ආයතන විවිධ වැඩ කටයුතු යෙදෙන ආකාරය අපි දකිමු. ප්‍රාදේශීය පාරවල් වල කානු සුද්ධ කරන නගරසභාවේ සේවකයින් අපට මුනගැහෙන අවස්ථා ඇත . නමුත් මෙවැනි ප්‍රධාන ස්ථාන සෑහෙන කාලයක් තිස්සේ මේ අන්දමින් පැවතීම කණගාටු දායකයකෙසේ නමුත් අපි මේවා ගැන වගකිවයුතු අයට සිහිපත් කරන්නෙමු . අපි ඔවුන්ට ප්‍රකාශ කරන්නේ අවධානමක් ඇති වීමට පෙර මේ සඳහා පිලියමක් යොදන මෙන්ය.