
මිගමුව වෙන්නප්පුව .හලාවත සහ තවත් බොහෝ කතෝලික ප්‍රදේශවලට මේ දවස්වල ඉතාලියේ පදිංචිව සේවය කරමින් සිටින ශ්‍රිලාංකිකයන් නත්තල් නිවාඩුව වෙනුවෙන් ඇවිල්ල ඉන්නවා.,පහුගිය කාලේ කොරෝනා වසංගත තත්වයත් එක්ක ඒන්න බැරිවුන අය මෙදා සැරේ ඇවිත් ඉන්නවා .
ඒත් දැන් මේ හැමෝමගෙම හිතට වද දෙන ප්‍රශ්ණයක් මතුවෙලා.
ඒ් තමයි ඔමිරෝන් කෝරෝනා ප්‍රභේදය .
දැන් ඊයේ වෙනකොට ඉතාලියෙනුත් ඔමිරෝන් ආසදනය වෙච්ච රෝගින් දෙන්නෙක් හමුවෙලා .
අද වෙනකොට ජපානය කල් ඇතිවම මතුවිය හැකි තත්වයකට මුහුණ දෙන්න ඒ රටට ඒන විදේශිකයන්ට ඇතුලුවිම තහනම් කළා.
පහුගිය කාලේ තිබුන තත්වය අනුව ඉතාලියත් වරින් වර ඒ් රටට ඇතුලු වෙන්න පුලුවන් දින ගැන දැනුම් දිම් කරල තිබුණා.ඒ් හින්ද පහුගිය කාලේ ඉතාලි රජය කිව්වා රටින් පිටට ගිහින් ඉන්න අය ඔක්තෝබර් 26 ට කලින් රටට ඇතුලු වෙන්න ඔ්නා කියල .හැබැයි ඔක්තෝබර් 26 වෙනිදා කිව්වා ඒ දිනය තව කල් දානවා කියල.,නමුත් ඒ් වෙකොට ලංකාවට ඇවිත් හිටපු අය ඉතාලියට ඇතුලවෙන්න බැරි වෙයි කියන බයට ඒයාල ආපහු ගියා.
දැන් ආයේත් ඒ් ප්‍රශ්ණය මතුවෙලා. ඔමිරෝන් හින්ද ඉතාලියට ඇතුලවෙන්න ඔ්න අවසන් දිනය ඉක්මනින් දැනුම් දුන්නොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්ණය දැන් කණස්සල්ලක් .
මේ නත්තලට දරුපවුල් ඥාතින් ඒක්ක ගතකරන්න බලාගෙන ආපු අයගේ හිතට අලුත් බයක් ඇතුල් වෙලා .ඔබිරෝන් හින්ද ඉතාලිය ඇතුලවෙන්න පුලුවන් අවසන් දිනයක් ඉක්මනින් ප්‍රකාශයට පත්වෙයිද කියල ???