නත්තලට විදුලි බුබුළු වලින් මීගමුව සරසන්න ලක්ෂ 38 ක් ????

0
302

Lights-Bulbsනත්තලට මීගමුව නගරය පාට පාට විදුලි බුබුළු වලින් සැරසිම කලක පටන් සිදුකෙරුණද අතිතයේදි එය සිදුකරනු ලැබුවේ නගරයේ  ව්‍යපාරිකයන්ගේ සංගම් හරහාය.
එහිදි බදු ගෙවන ජනයාගේ කිසිදු මුදලක් එයට වැය කෙරුණේ නැත.
එහෙත් මෑතක පටන් මහනගර සභාවේ දේශපාලකයන් අළුත් සෙල්ලමක් පටන් ගෙනය, එනම් මහජනයාගේ බදු මුදල් වලින් ඒ මුදල ගෙවිම සදහා ටෙන්ඩර ලබාදිමය.
ඒ අනුව මෙවර ලක්ෂ 34 ක් වැය කිරිමට නියමිතය.
ඊයේ පැවැති මහසභා රැස්විමේදි එක්සත් ජාතික මන්ත්‍රිවරුන් පෙන්වා දි තිබුනේ නත්තලට සැරසිලි අවැසි වුවද මේ සා විශාල මුදලක් වැය කිරිමට හා තවමත් මීගමුවේ විදුලි බුබුළු රාත්‍රි කාලයේදි නැති පාරවල් තිබියදි ඒවාට මුදල් වැය කරන්නට තිබියදි සතියක් සදහා පමණක් ලක්ෂ 34 ක් වැය කිරිමට තමන් විරුද්ධ බවය.
නගරාධිපතිවරයාද විරුද්ධ පක්ෂයේ  අදහස අනුමත කර ඇති බවද වාර්ථා වේ.
ඉදිරි මහසභා රැස්විමේදි මේ පිළිබදව තිරණයක් ගැනිමට නියමිතය.
නත්තල යහමින් කන්නට නාගරික මන්ත්‍රිවරුන් මේ දිනවල කළ හැකි සියළු බලු වැඩ ජඩ වැඩ කරන්නට පටන්ගෙනය.
මේ ඒක මෙහෙයුමක් පමණි.1000-led-lights-bulbs-10-3m-curtain-lights

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here