නත්තලට විදුලි බුබුළු වලින් නගරය සරසනවා කියා ලක්ෂ ගණන් මුදල් ගසා කෑ හැටි හෙළිවේ !

0
316

Lights-Bulbsනත්තල් සමයේ විදුලි බුබුළු වලින් නගරය සැරසිම මෙතෙක් කල් සිදුකෙරුණේ ටෙන්ඩර්කරුවන් මගිනි.
ඒකි ටෙන්ඩර සෑම වසරකම ගියේ රු ලක්ෂ 25 කටත් වැඩියෙනි.
නගරය විදුළු බුබුළුවලින් සැරසිම සදහා මෙවරද ටෙන්ඩරයක් ලබාදි තිබුණද එකි ටෙන්ඩර්කරු හට එය ක්‍රියාත්මක කරගත නොහැකි තැනට සැලැසුම්ගත තර්ජන මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබුණි.
එය සැලසුම් කොට තිබුනේ පසුගිය වසරවලදි මේ ටෙන්ඩරය හිමිකරගත් පිරිසක් විසිනි.
මේ නිසාවෙන් නගරය විදුලි බුුබුළු යෙදිමේ කටයුත්ත ඇනහිට තිබුණි.
මේ අවස්ථාවේදි එයට විකල්පයක් ලෙසින් නගර සභාව විසින් අදාල විදුලි බුබුළු මිළට ගෙන නගර සභා සේවකයන් යොදවා නගර පුරා සැරසිමට ක්‍රියාකර තිබුණි.
වාර්ථා වන අන්දමට මේ සියළු කටයුතු නගර සභාවට මෙවර වැය ව තිබුණේ  රු ලක්ෂ 5 කටත් වඩා අඩුමුදලක් බවද වාර්ථා වේ.
මින් කියැවෙන්නේ දැනට ටෙන්ඩර් දි ඇති නගරයේ බොහෝ කටයුතු ඉදිරියේදි ටෙන්ඩර දෙනවා වෙනුවට නගර සභාව යොදවා කරගත හැක්කේ නම් විශාල මුදල් ඉතිරියක් කරගතහැකි වනු ඇත.