නත්තල් කලාප සංවිධායකයන්ට නගර සභාව අමතක වුනේ ඇයි?

0
130

xmax decorationsමිගමුවේ නත්තල් කලාපය සදහා බදුගෙවන මහජනයාගේ මුදල් රු 560000ක් වැය කර ඇති බව මිගමුව නගරාධිපති  ඇන්ටන් ජයවීර  මහතා කියා සිටියි.තතු එසේ වුවද නතතල් කලාප සංවිධායකයන් විසින් සකසා ඇති නත්තල් කලාප ආරාධනා පත්‍රයේ නගර සභාව ගැන කිසිදු සදහනක් නොතිබිම ගැන තමන් අවංකව කණගාටු වන බව කියා සිටි.එමෙන්ම ලක්ෂ 5කටත් වඩා වැය කර තිබෙන වැය ශිර්ෂයක් ගැන කරුණු දැක්විම සදහා විගණන අවශ්‍යතාවකට ඉදිරිපත් කිරිමටවත් මේ හේතුව නිසා නොහැකි වි ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට  පිළිතුරු  දෙමින්  මිගමුව සාසනාරක්ෂක  බලමණ්ඩලයේ  නිළධාරි මහතෙකු කියා සිටියේ ආරාධනා පත්‍රයේ කිසිදු අනුග්‍රාහක කණ්ඩායමක නමක් ඔවුන් විසින් සදහන් කරන්නේ නැති බවත් සියළුම අනුග්‍රාහකයන් ගැන එදින වේදිකාවේදි සදහන් කරන බවත්ය.එමෙන්ම ඔවුන් විසින් නගර සභාවෙන් ඉල්ලා ඇත්තේ රු 2100000ක් පමණක් බවද එම නිළධාරි මහතා මිපුරට කියා සිටියේය.