නත්තල් සමයේ මිගමුවේ ඉස්සන් මිළ පහලට !මාළු මිළ ඉහලට…

0
643

නත්තල කාලෙට මිගමුවේ ලෙල්ලම කියන්නේ කාගෙත් අවධානයට යොමුවුන තැනක්.

ඒ කියන්නෙ මිගමුවේ විතරක් නෙමෙයි අවට පැතිවලුන් නත්තලට මාලු ටිකක් ඉස්සෝ ටිකක් ගන්න එන්නේ මිගමුවේ ලේලලම් වලට තමයි.

හැබැයි මේ දවස් වල මාළු මිළ ඉතාමත් ඉහලයි.මේ දිනවල හුරුල්ලන් කිලෝවක් රු 750ක් තරම් ඉහල මිලකට තමයි අලෙවි වුනේ.කොටින්ම කියනව නම් සාලයොත් කිලෝව රු 500ට ගිහින්.බලයෝ එහෙමත් රු 1000න් එහා.

හැබැයි නත්තල් සාදවලට සෙට් වෙන්න බලන් ඉන්න අයට එක සතුටු දනවන පුවතක් තමයි ඉස්සන් මිළ පහල මට්ටමක පැවැතිම.

අද (22) මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ ලොකු ඉස්සන් කිලෝවක් රු 1300 වගේ පහල අගයක තමයි තිබුනේ.

හැබැයි හෙට ටිකක් මිළ වැඩිවෙලා තියෙන්නත්.පුලුවන්.

එත් මාලු මිලේ ඉහල යාමට සාපේක්ෂව ඉස්සන් මිළ මේ කාලේ පහල මට්ටමක පවතින බව තමයි ලෙල්ලම් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.