නදීශා සහ ගණිකාවෝ

0
338

බබබනදීශා  හේමමාලි නම් රංගන ශිල්පිණිය  එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට  පැමිණි පසු  ඇය පිළිබඳව තවත් වටයකින් මාධ්‍ය  විසින් පුවත් මවමින් සිටියි. අලුත්ම කතාව වන්නේ
ස්වරණවාහිනීය විසින් ඇය සමග කළ   සම්මුඛ සාකච්ඡාවකදී ගණිකාවන් පිළිබදව ඇයගෙන්  කරන ලද ප්‍රශ්නයකට  ඇය දී ඇති පිළිතුරයි.  මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතද ඇගෙන් විමසා ඇති බව වෙබ් මාධ්‍ය විසින් සඳහන් කොට තිබේ.
අද බොහෝ සම්ප්‍රදායික මාධ්‍ය විසින් කිසියම් කෙනෙකු අපහසුවේ දැමීමට තෝරා ගන්නා මාතෘකාවන් අතර  මේ ගණිකාව නැත්නම් ගණිකා වෘත්තිය ද වෙයි. ගණිකාවට හොද කිව්වොත්
ඒ පුද්ගලයා කලු චරිතයක් බවට පෙරලා මඩගැසීමට පහසුය. මෙවැනි ප්‍රශ්න අසන බොහෝ  මාධ්‍යකරුවන් තමන්ගේ මාධ්‍ය වෘත්තිය ගණිකා ව්‍යාපාරයේ යොදවන අය වන අතර ගණිකාවන් ඊට වඩා අහිංසකය. ඔවුන් තමන්ගේ ඇග විකුණා පාඩුවේ හිඳියි. නමුත් දිවයින සහ තවත් ආණ්ඩුවට කඩේ යමින් මේ රටේ දශක ගණනාවක් තිස්සේ පවතින ජාතිවාදය,ආගම්වාදය පෝෂණය කරමින් තමන්ගේ බඩ වඩා ගනිමින් සිටිති.
ඒ අතර  මෙම සමාජයේ පීඩිත කාන්තාවන්ගේ ඛේදවාචකය සහ දරිද්‍රතාවයේ ප්‍රකාශනය වන ගණිකා වෘත්තියට ගල් ගසයි. මේ කිසිම මාධ්‍යක් කවදාවත් ගණිකා මඩම් පවත්වාගෙන යන, ඒවායින් තමන්ගේ  කලු සල්ලි තරකරගන්නා දේශපාලකයන්ගෙන් නම් මේ කිසිවක් නොඅසයි.
ගෑණූන්ගේ ලිංගික ශ්‍රමය සූරාකමින් යෙහෙන් වැජඹෙන දේශපාලකයන් බස්නාහිර පළාතේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේම සිටිති. නමුත් නදීශාගෙන් චන්ඩි ප්‍රශ්න අසන දිවයින ට ඒවා අසන්නට දිව එළියට එන්නේ නැත.
පසුගිය කාලයේ නිමල්කා ගණිකාවන් ගැන කළ ප්‍රකාශයක් අල්ලාගෙන හඩිසන් සමරසිංහ ඇයට ඉතා නින්දිත වෛරී මාධ්‍ය කැම්පේන් එකක් නෙ ගියේය. ඔහුද තමන්ගේ වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවමින් සිටින්නේ  ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ලැබෙන කුට්ටිය  හෙතුකොටගෙනය.
එසේ කරමින්  කිසිවකු විසින් ගණිකාව ගැන කතා කල විට ඔවුන්  අවි අමෝරා ගන්නේ මේ රටේ සදාචාරයට විරුද්ධව අදහස් පළකරවා යන ඊනියා  අවස්ථාවදය පෙරටුකරගෙනය.
නමුත් පසුගිය කාලයේ ලංකාව තුළ සිදුවන ළමා හා ස්ත්‍රී දූෂණ දෙස බලන කල සැබවින්ම මේ රටේ
සදාචාරයක් තිබෙනවා දැයි  සිතන්නට ද අමාරුය.

ඒ වගේ  රටේ සිදුවන නීති විරෝධී කුඩු ව්‍යාපාර, කැසිනෝ ව්‍යාපාර හා කප්පම් ගැනීම් වැනි සමාජයට අයහපත් දේ ගැන අසන්නට මේ මාධ්‍යයන්ගේ  නිර්භය කටවල්  ඇරෙන්නේ නැත.  ගණිකාවන් ඔවුන්ට වඩා හොඳ වන්නේ ඇය ඇගේ කුසිගින්න වෙනුවෙන් තම ශරීරය විකුණන නිසාත්  මොවුන් තමන් කුස ගින්දර පමණක් නොව සියලු සැප වෙනුවෙන්  සත්‍ය පාවාදෙමින් වෘත්තිය ද පාවාදෙමින් සිටින නිසාවෙනි.