නමේ අරුතින්ම පිරිසිදු කොලකැඳ කඩේ

0
277

…..

“පිරිසුදුකම” යන නමින් මීගමුව නගරයේ වෙළඳ ව්‍යාපාරයක් ඇති බව ඔබ දන්නවාද?

එය කොලකැඳ කඩයකි. මෙහි අයිතිකරු කඩවසම් පුද්ගලයෙකි. ඔහු නමින් නිරෝෂන් වන අතර වැඩි දෙනෙකු ඔහුව හඳුනා ගෙන ඇත්තේ කජු මල්ලි යනුවෙනි. ඒ ඔහු මීට පෙර සාර්ථක කජු වෙළඳාමක් කළ බැවින් , ඔහුව හඳුනාගෙන සිටි ආකාරයයි.

හලාවත – කොළඹ පාරේ හලාවත පැත්තේ සිට එනවිට මීගමුව මහ රෝහල පසුකරද්දී හමුවන්නේ බාල්දිහන්දිය නම් මංසන්ධියයි. ඉන් දකුණට හැරී මීටර් 20 ක 30ක පමණ දුරක පිහිටි මෙකී කොලකැඳ කඩය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් යැයි අදහස් කළ පළමු හේතුව නම් එහි යොදා ඇති නමයි.

දෙවනුව අද මීගමුව නගරයේ පවතින අනෙකුත් වෙළඳ ව්‍යාපාර පිළිබඳව සසඳා බලන විටද මෙහි විශේෂත්වය තවදුරටත් මතුවී පෙනේ.

‘ පිරිසිදුකම’ යනු සෞඛ්‍ය රැක ගැනීමට ඇති ප්‍රධානතම සාධකයක් බව අප කව්රුත් දනිමු . එය අප කුඩා දරුවන්ටද කුඩා කල සිට හුරුකරවන්නකි. අපිරිසිදුකම එහි අනෙක් පැත්තයි. එවිට එය අපට ලෙඩරෝග වැළඳීමට හේතුවක් වනු ඇත . මෙකී කොලකැඳ කඩයේ කොලකැඳ නිෂ්පාදනයේ අභ්‍යන්තර ක්‍රියාවලිය කතාබහට ලක්විය යුතු , මෙවැනි ව්‍යාපාර කරන අයටදවස ආරම්භ කරමින් කොල වර්ග කිරීම , තේරීම , අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ කැබලි කර සේදීම කරන නිරෝෂන් මහතාගේ කාලයෙන් වැඩි කාලයක් වැය වන්නේ මෙම සේදීමේ ක්‍රියාවලියටයි. කොල වර්ග සේදීම ට අමතරව බඳුන් සේදීම ආදියට ඔහු ඉතා දැඩි අවධානයක් යොමු කරයි . එහිදී යම් සැකයක් තිබේ නම් එකී ද්‍රව්‍ය නැවත නැවතත් සේදීම ඔහුගේ ක්‍රමයයි. ගෙදර දොරේ කටයුතුද ඉටු කළයුතු බැවින් ඔහුට කාලය ඉතා වටිනා එකකි.

මෙම කටයුතු වලදී ඔහුගේ බිරිඳ වන කුමුදු මහත්මිය ගේ කාර්යභාරයද සටහන් කලයුතුව ඇත . මන්ද එම සහාය නොවන්නට මෙම ව්‍යාපාරය මෙ⁣වැනි තත්ත්වයකට ගොඩනැගිය නොහැකි බව නිරෝෂන් මහතා නිතර පවසන දෙයකි. පාන්දර 2 ත් 3 ත් අතර අවධි වන මොවුන් කැඳ සඳහා බත් සැකසීම , කොල අඹරා යුෂ ගැනීම යන කටයුතු කරමින් මේවා අලෙවිය සඳහා සැකසීමට දැඩි වෙහෙසක් ගනී.


ඒ ඒ කැඳ වර්ග වලින් සිරුරේ වර්ධනයට සහ ලෙඩ රෝග මර්දනයට කුමන බලපෑමක් සිදුවන්නේද යන්න දැක්වෙන විශාල පින්තූර සහිත දැන්වීම් පුවරු වලින් මෙම ස්ථානය සරසා සකස් කර ඇත .
මීගමුව නගරය විවිධ අයතා වෙළඳාම් කටයුතු වලට මැදිහත්ව ඒවා නගරයම අපිරිසිදු කරමින් ක්‍රියාත්මක වෙද්දී මෙම ” පිරිසිදුකම”


නගරයේ ජනතාවගේ සෞඛ්‍ය රැකගනිමින් කරන මෙම වෙළඳාම අගය කළ යුතුය .
අවසාන වශයෙන් මෙම” පිරිසිදුකම” කැඳ කඩයට පැමිණ පිරිසිදු සහ රසගුණ පිරි කැඳ කෝප්පයක් හකුරු කෑල්ලක් සමග පානය කර මෙහි ඇති වෙනස වටහා ගන්නා මෙන් ඉල්ලමු.

එමෙන්ම මෙම ව්‍යාපාරය තව තවත් දියුණු කර ගැනීම සඳහා ⁣නිරෝෂන් මහතාට ශක්තිය සහ ධෛර්යය පතමු .

සැම්සන් ඥානසිරි