නයිට් බසාර් එක වහපු මීගමු මහනගර සභාව ඉරිදා පොළට ඉඩදුන්නේ ඇයි?

0
459

IMG-20201011-WA0016රටේ නීතියට ගරු නොකරන එකම මහනගර සභාව ඇත්තේ මීගමුවේ විය යුතුය.ඊට හේතුව වන්නේ මීගමුවේ සිටින තුන්වෙනි පංතියේ කොමසාරිස්වරිය වගකියන්නේ රාජ්‍ය පරිපාලනයට හෝ අදාල අංශවලට වඩා මිගමුවේ  ලංසා පවුලට විම නිසාය.
මේ පසුබිම තුල සෙනසුරාදා රාත්‍රි පොල හෙවත් නයිට් බසාර් එක වහන්නට යැයි නියෝග දෙන නාගරික කොමසාරිස්වරිය අද කාමච්චෝඩේ පොළ පැවැත්විම සදහා  ඉඩ දි තිබේ.
සෙනඟ ගැවසෙන තැන් පාලනය කිරිම සදහා රජය විසින් පැහැදිලි චක්‍රලේඛන නිකුත් කර තිබියදි සෙනග විශාල සංඛ්‍යාවක් පැමිණෙන පොල පැවැත්විමට අද ඉඩ සලසා දි තිබුණි.
මෙයට ඇත්ත හේතුව ගැන මිපුර වෙබ් අඩවිය කරුණු කියා සිටි නාගරික මන්ත්‍රිවරයෙකු සදහන් කළේ කාමච්චෝඩේ පොළබදුකරු මිගමුව නගරාධිපතිගේ සමිප ආධාරකරුවෙකු වන වන අද පොළ පැවැත්විමට සහය දුන්නා විය හැකි බවය.
කාමච්චෝඩේ පොළේ වත්මන් ටෙන්ඩර්කරු වන්නේ පොළ ඇන්ටනිගේ පුතා විසිනි.
ඔහු දයාන් ලංසාලා හට අතදිග හැර මුදල් වැය කරන ව්‍යාපාරිකයකු බවද සදහන්ය.
කෙසේ වෙතත් සෙනඟ ගැවසිම ගැන මෙන්ම කොරෝනා ආසාදිත අය පවා පැමිණිමට ඇති ඉඩ නිසා අද පෙරවරුවේ පොළට පැමිණ ඇති පොලිසිය පවා සෙනගට ඉන් ඉවත් වන ලෙස දන්වා ඇති බවද සැලය