නයිනමඩමේ තරුණයෙකු සැහැල්ලු ගුවන්යානයක් නිර්මාණය කරයි

0
191

54264604_2692230420819674_7670608425817997312_nචන්දන ප්‍රනාන්දු/ අපූරු සැහැල්ලු ගුවන් යානයක් නිර්මාණය කල නයිනමඩමේ තරුණයෙක්ව අපට මුණ ගැසුනා, නයිනමඩම අහසේ සැහැල්ලු ගුවන් යානයක් පියාසර කරමින් තිබෙන බව හිතවත් ගම්වාසියෙකු කල දැනුම්දීමක් මත එම ගුවන් යානයේ අයිතිකරුවා එහෙම නැත්නම් නිර්මාණකරුවා අපට සොයාගත හැකි. වුනා නයිනමඩම ජූඩ් මාවතේ පදිංචි 24 හැවිරිදි ඩිලුක් රොමේෂ් ප්‍රනාන්දු තමා එම අපූරු නිර්මාණයේ හිමිකරුවා පුංචි කාලයේ පටන්ම තමන්ට අරන් දෙන සෙල්ලම් බඩු ගලවා ඒ සඳහා නව අයිතමයන් එකතු කර නව ආකාරයෙන් එම සෙල්ලම් බඩුවට නව පෙනුමක් එක් කිරිමට තිබුණ හැකියාව හා ආශාව මෙම සැහැල්ලු ගුවන් යානය නිර්මාණය කිරිමටත් ඉවහල් වු බව ඩිලුක් රොමේෂ්අප සමග පැවසීය,
නයිනමඩම සාන්ත මරියා මහා විදුහලෙන් හා වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබා ඇති මෙම අපූරු නිර්මාණ කරුවා වැඩි දුරටත් සඳහන් කලේ කිලෝමිටරයක් පමණ දුරක් ගුවන් ගත කිරිමට මෙම සැහැල්ලු ගුවන් යානයට හැකි බවත් මීටර් 20 ක පමණ දුරකින් ගුවන් ගත වීමට මෙම ගුවන් යානයට හැකි බවයි, කේටි බෝඩ් එහෙම නැත්නම් රිජිෆෝර්ම් භාවිතා කර ගුවන් යානයේ බඳ හා තටු නිර්මාණය කල බවත් දුරස්ථ පාලකයත් සමග මේ සඳහා රුපියල් පළෝස් දහසක මුදලක් පමණක් වැය වු බව බවත් මෙය තවත් වැඩි දියුණු කර ඉතා අඩු මුදලකට මෙය නිර්මාණය කල හැකි බවද රොමේෂ්මේෂ් පැවසීය, රුපියල් ලක්ෂ 3 ට වඩා වැඩි මුදලක් ගෙවා පිටරට නිපදවන ඩ්‍රෝන යාන මිලදි ගන්නා ලාංකිකයන්ට මෙවන් තරුණයන් දිරිගන්වා අවශ්‍ය පහසුකම් හා මග පෙන්වීම ලබා දුනහොත් රටට වැඩදායක පුද්ගලයන් බවට පත් කරගත හැකිවන නමුත් මෙම තරුණයාගේ හැකියාව හඳුනා ගැනිමට හා දක්ෂතාවට තැන් නොලැබීම අවසානාවන්ත කරුණකි, එමෙන්ම මෙම තරුණයා මෝටර් බෝට්ටුවක්ද නිපදවා මීටර් 500 ට වාඩා දුරක් ගිංඔයේ ධාවනය කර අපට පෙන්වු අතර වායුගන් ආකාරයෙන් මසුන් ඇල්ලීම සඳහා නිර්මාණයක්ද තම හැකියාවෙන් සහජ දක්ෂතාවෙන් නිර්මාණය කර තිබේ ,මෙවන් දක්ෂතා පිරි හැකියාවෙන් පූර්ණ තරුණයන්ට ඉඩක් හදාදීම රටේ පාලකයන්ගේ බලධාරින්ගේ වගකීම බව අපේ අදහසයි