නයිනමඩම සමනල උයන ජනතාවට පානීය ජලය ලබාදීම වසර 12ක් තිස්සේ ඉබි ගමනින්..

0
511

වසර 10ක් සංධාන ආණ්ඩුවෙන් හා වසර 1 ක් යහ පාලන ආණ්ඩුවෙන් සැලකිල්ලක් නොදක්වා වසර 12 ක පමණ කාලයක් පානිය ජලය නොමැති වීමෙන් දැඩි පීඩාවකට පත්ව සිටි නයිනමඩම සමනල උයන ජනතාව වෙනුවෙන් පසුගිය මැයි මාසයේ අරම්භ කල ජල ව්‍යාපෘතිය රාජ්‍ය ආයතන කීපයක සම්බන්ධිකරණයක් නොමැති වීමෙන් ඉබි ගමනේ සිදු වීම නිසා තමන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි එම ජනතාව පවසයි. වසර 12 ක් තිස්සේ තමන් පාලකයන්ට කරන ලද ඉල්ලිමක ප්‍රතිඵලයක් ලෙස ඉකුත් මැයි මාසයේදි ලක්ෂ 25 ක මුදලක් වෙන්කර ව්‍යාපෘතිය අරම්භ කලත් කිලෝ මීටර් 4 ක ප්‍රමාණයක ජලනල එළිමට තිබෙන නමුත් මේ මාස 3 ටම නළ එළා ඇත්තේ මීටර් 200 ක පමණ කොටසක පමණක් බව ජනතාව පෙන්වා දෙයි.මේ ගැන විමසීමට යාමේදි කාණු කැපිමට බැකෝ යන්ත්‍රය තිබෙන දාට ජල සම්පාදන සේවකයන් නොමැති බවත් සේවකයන් සිටින දාට බැකෝ යන්ත්‍රය නොමැති බව පවසමින් දිනෙන් දින මෙම ජලව්‍යාපෘතිය කල් යන බව සමනල උයන ජනතාව පෙන්වා දෙයි.

එමෙන්ම කොළඹ හලාවත මාර්ගයට සමගාමිව මෙම කාණු කැපිම සිදුවන අතර එක් කොටසක කාණු කපා සති ගණනක් එලෙස තිබීම නිසා මාර්ගයේ ගමන් ගන්නා ජනතාවත් දැඩි අපහසුතාවයට පත්වෙන බව ප්‍රදේශවාසින් පවසයි. මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන වෙන්නප්පුව ප්‍රදේශිය ලේකම් යු. සුජීවා ප්‍රනාන්දු මහත්මියගෙන් විමසීමේදි ඇත්තෙන්ම අපිටත් ඔනේ මෙ වැඩෙ ඉක්මනට ඉවර කරන්න එත් මෙම ව්‍යාපෘතියට බැකෝ යන්ත්‍රයකට මුදල් වෙන් නොවීම නිසා ප්‍රදේශිය සභාවේ නොමිලෙ දෙන බැකෝ යන්යෙන් තමා මේ කාණු කපන්නේ ඒක වෙන වැඩකට යොදා ගන්න දවසට කාණු කපන්න ගෙන්න ගන්න බැ, ඒක එන දාට ජල සම්පාදනේ සේවකයන් වෙන වැඩකට ගිහින්, මේ නිසා තම මේ ව්‍යාපෘතිය ප්‍රමාද වෙන්නේ මොකද මෙ ව්‍යාපෘතිය ට වෙන් කර ඇති මුදල්වලින් බැකෝ යන්ත්‍රයක් කුලියට ගත්තොත් ව්යාපෘතිය ඉවර කරන්න මුදල් නැතුව යනවා මම මේ සම්බන්ධයෙන් ඉහළ බළධාරින් හා ආයතන දැනුවත් කරලා තියෙන්නේ. යැයි පවසා සිටියාය.

චන්දන

සටහන හා ඡායාරූප – චන්දන ප්‍රනාන්දු