නරගාධිපති කඩ කඩන්න කියයි ! උපනගරාධිපති එපා කියයි !

0
88

Dayan-and-Farees-2

(3.00 am ) 2008දී  රාජපක්ෂ  බ්‍රෝඩ්වේ    පාරෙහි   අනවසර  පදික  වෙළදුන්ගේ  වෙළදාම අහෝසි  කළ  අවස්ථාවේ  මෙම  වෙළදුන්   පිළිබදව  අනුකම්පාවෙන්   කටයුතු කළ  එක්   මන්ත්‍රීවරයෙක්  ඔවුන්ගේ   දුක  තමන්  විසින්  භාරගන්නා  ලදී.
මේ  අනුව   මෙම  අවස්ථාව   දඩමීමා  කරගත්  මෙම   දුක්ගන්නාරාළ   එම් .එස්. එම් .  ෆරිෂ්ය.
ඔහු  විසින්  දුම්රිය  දෙපාර්තමේන්තුවට  අයත්  ඩී එස් සේනානායක  පාර අයිනේ   ඇති  හිස්භූමිය   වසරක  කාලයක්  සදහා  මීගමු නගරසභාවේ  නිත්‍ය   අවසරයකින්  තොරව  බදුගෙන   කළින්  සදහන්  කළ  වෙළදාම අහෝසිවූ  පදික  වෙළදුන්  සහ  තවත්  මුස්ලිම්  ව්‍යාපාරිකයින්  කිහිපනෙකුද  එකතු  කරගනිමින්   ඔවුන්ට  අදාල  පරිදි  කඩ  කාමර  හදන  ලදී.
2009දී  වසර  අවසන් වී  බදුකාලය  අහෝසි   වූ  නමුත්  මෙම  වෙළෙන්දෝ අදාළ  ස්තානයෙන්   ඉවත්වූයේ  නැත.

මෙය  අනවසර  බිමක්  නිසා  දුම්රිය  දෙපාර්තමේන්තුවෙන්  විටින්  විට මෙකී  කඩ  කඩන  ලෙස  ඉල්ලා  සිටියද  මෙම  වෙළෙන්දන්  ප්‍රකාශ  කරන්නේ ” අපි  ලක්ෂ  30කට  වැඩි  මුදලක්  ෆරිෂ්  මහත්තයට  දුන්නා,  විදුලිය
සදහා   අවසරපත  ගන්න  මීගමු  නගරසභාවට  සන්තෝසම්  දුන්නා   ”   ඒනිසාඅපිට  යන්න  බැහැ  කියලයි.
තෝරබීඩි  ආයතනය  විසින්  සමාජ ශාලාවක්   ඉදිකර  ඇත්තේද  මෙම  බිමද අල්ලාගෙනය
.කෙසේ  නමුත්  නිමල්  ලංසාගේ  ආශිර්වාදය  මත  විකුණූ  කඩ  කඩා  ඉවත්කරන ලෙස දැන් නගරාධිපති දයාන්  ලංසා  නියෝග  දෙයි.  ති
පසුගිය   31 වනදා  එහි යන ෆරිෂ් තමන්ගේ  නිල  රථයෙන්   මෙම  ස්ථානයට  පැමිණ    කඩ  කඩන්න  එපා යැයි  උපදෙස්  දෙයි. මේ වනවිට  දුම්රිය  දෙපාර්තමේන්තුවෙන්   කඩ  අයිතිකරුවන්ගෙන්  වාර්ෂිකව  බදුමුදලක්   ගන්නා  බවද  වාර්ථාවේ.  එකෙක්   කඩ  කඩපියව්   කියා  කියනවිට අනෙකා   කඩන්න  එපා  කියයි.  දැන්  මේ   සිදුවන්නේ   කුමක්දැයි බලාසිටීම  හැර   වෙන  කිසිවක්  කරගත  නොහැකි  තත්වයකට   අතේ  තිබුනු  පිච්චිය   වියදම්  කළ  මෙම  වෙළෙන්දෝ  පත්ව  සිටිති.