නවලෝක රෝහලේ රථ ගාල මහ පාර ද?

0
574

11811505_1523711401252283_7670597678812459017_n(12.05pm)මීගමුව නගරයේ නවලෝක රෝහල ආරම්භ කරන ලද්දේ 2014 වසරේදි  පමණය. මෙම පුද්ගලික රෝහල මීගමුව – කොළඹ පාරේ  පිහිටා තිබීම රෝහලට වාසිදායක වුවත් මෙම ස්ථානයට පැමිණෙන සියලූම වාහන  නවත්වන්නේ ප්‍රධාන මාර්ගය දෙපස වීම පාරේ ගමන්කරන්නන්ට හා ඒ අවට පදිංචි නිවැසියන්ට මහත් හිරිහැරයකි. මේ සම්බන්ධයෙන්  මීගමුව  පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ විමසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ සම්බන්ධයෙන් නවලෝක රෝහලේ පාලන අධිකාරියට අවස්තා ගණනාවකදි  දැනුම් ඇතත් ඔවුන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනිමට උත්සාහා නොකරන බවයි. නවලෝක රෝහල වෙත පැමිණෙන රෝගීන්ගේ වාහන පාර දෙපස නතර කිරීම හේතුවෙන් පාරේ පයින් මෙන්ම පා පැදි වලින් ගමන් ගන්නා  මගීන් ට පාරේ මැදට පැමිණිමට සිදුවේ.මෙය මහත් අනතුරුදායක තත්ත්වයක් වන්නේ ඒ අවට ඉතාම ජනාකීර්ණ මෙන්ම කොළඹ-හලාවත මාර්ගය නිසා අධික වේගයෙන් ගමන් ගන්නා බස්රථ මෙන්ම තවත් වාහන රැසක්   ගමන් කිරීම නිසායි.
නවලෝක පුද්ගලික රෝහල මෙම ස්ථානයේ පිහිටුවීමට පෙර  වාහන ගාල්කිරිම සම්බන්ධයෙන් පෙර සැලැස්මක් නොතිබූ බව දැන් පැහැදිලිය. එසේ නම් මෙම රෝහල ඉදිකිරීමට අවසර දීමේදී මීගමුව නගර සභාව හා අදාළ පළාත් පාලන ආයතන  මේ සම්බන්ධයෙන්  විමසිමකින් තොරව  මෙම ඉදිකිරීමට අවසර දී ඇති බව පැහදිලිය.
ප්‍රදේශවාසීන් ද පවසන්නේ නවලෝක රෝහල් පරිපාලනයට මේ සම්බන්ධයෙන් පැවසීමෙන් වැඩක් නැති බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාමුහික ක්‍රියාමාර්ගයකට යාමට අදහස් කරන බවත්ය.