නවසීලන්තය කොරෝනාවලින් බේරෙද්දි ලංකාවට වෙච්ච දේ ?

0
62

නවසීලන්තය 2022 මුල් භාගය වන තෙක් සිය දේශසීමා වසා දැමිය යුතු බවත්, නැවත විවෘත කළ යුත්තේ එහි වැඩිහිටියන්ගෙන් වැඩි දෙනෙකුට කොරෝනා වෛරසයට එරෙහිව එන්නත ලබාදීමෙන් පසුව බව රජය විසින් පත් කරන ලද කොවිඩ්-19 විශේෂඥ මණ්ඩලය අවධාරණය කර තිබෙන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පෙබරවාරි මාසයේදී අවසන් වරට කොවිඩ් -19 සම්ප්‍රේෂණයක් පිළිබඳ දේශීය සිද්ධියක් වාර්තා කළ රටට, වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම නිසා එහි සෞඛ්‍ය පද්ධතිය පීඩාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් වෛරසය තුරන් කිරීමේ උපාය මාර්ගයන්ට ඇලී සිටිය යුතු බව එම විශේෂඥ මණ්ඩලය පවසා ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

“උපදේශක කණ්ඩායම සලකන්නේ තුරන් කිරීමේ උපාය මාර්ගය ශක්‍යතාවක් පමණක් නොව, වසංගතයේදී මේ අවධියේදී ඇති හොඳම විකල්පය බවයි” යනුවෙන් කමිටුව වාර්තාවේ සඳහන් කර තිබේ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන්, 2020 මාර්තු වනවිට දැඩි අගුලු දැමීම් සහ දේශසීමා වසා දැමීම තුළින් කොවිඩ්-19 දේශීය සම්ප්‍රේෂණය කිරීම සඳහා ගෝලීය ප්‍රශංසාව දිනා ගත්තාය. රට තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 2,500ක් සහ මරණ 26ක් පමණි.

විශේෂඥයින්ගේ උපදෙස් මත රජය විසින් නැවත විවෘත කිරීමේ සැලැස්ම මේ සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
දූපත් රාජ්‍යයක් වු නවසිලන්තය සිය නිවරදි දේශපාලන නායකත්වයක් යටතේ රටත් ජනතාවත් කොරෝනා වසංගතයෙන් බේරා ගනිද්දි ,ලංකාවට දූපතක්ව පිහිටා තිබිමේ වාසිය කදිමට අත්පත්කරගනිමින් වසංගතයෙන් රටත් ජනතාව බේරාගැනිමට නොහැකි වන්නේද මේ රටේ දේශපාලන අධිකාරීයේ ඇති අදුරදර්ශ බව නිසාමය.
එපමණක් නොව රට මේ මොහොතේ දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් තිබියදි මොන හේතුවක් නිසාවත් රට වහන්නේ නැතැයි කියු දේශපාලකයන්ගේ තිරණ ගැන ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබිමෙන් පවා හෙලිව ඇත්තේ මේ අදුරදර්ශි උද්දච්ච තිරණවල ඇති බරපතල බව නොවේද ?