නව කොමසාරිස්වරියගේ පළමු ලිට්මස් පරික්ෂණය ?

0
292

මීගමුවේ හිටපු නාගරික කොමසාරිස්වරයෙකු වු ලක්ෂමන් තැනැත්තා විසින් බිච් පාක් එක පිළිබදව කූට ලේඛනයක් සකස් කර නාගරික සංවර්ධන අධිකාරිය පවා නොමග යවා ඇතැයි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර බරපතල විවේචනයක්  ඉදිරිපත් කර තිබේ.

මේ කූට ලේඛනයද පදනම් කර ගනිමින් මේ වන විට අනිතික ලෙස රු 100  ටිකට් එකක් වෙරළ උද්‍යානයේ රථගාලෙන් අය කිරිමට ලංසා පවුලේ රෑකඩ නළුවන් පිරිසක් කටයුතු කරමින් සිටිති.

මෙහි ඇත්ත නැත්ත දැනගැනිමට නියෝජ්‍ය ඇමතිවරුන් දෙපලක්ද බිච් පාක් එකේ නිරික්ෂණ චාරිකාවකට පසුගියදා එක්ව සිටියහ.

මිගමුව ප්‍රාදේශිය ලේකම් වරිය මේ ප්‍රශ්ණ නිසි තැනින් අල්ලා කඩිනම් විසදුම් සොයනවා  වෙනුවට ප්‍රශ්ණය වටේ කැරකෙමින් කල්ගන්නා බවක් පෙනි යයි.IMG 20250107 084946IMG 20250107 084953 2

බිච් පාක් එකේ කුමන්ත්‍රණය පරාජය කරමින් එය යළිත් වරක් නගර සභා පාලනය යටතට ගැනිමට නව කොමසාරිවරිය කටයුතු කළ යුතුව ඇත. ඒ මන්දයත් මේ කාර්යභාරය දැනටමත් හිටපු නාගරික කොමසාරිස්වරිය විසින් ඉතා නිර්භිත ලෙසින් පටන් ගෙන තිබුන නිසාය.

ලංසා පවුලේ වංචා දුෂණ හෙළිකරමින් ඉතා කෙටි කලක් තුල T 20 ගේමක් ගසමින් සිටි ඇය වැනි නිර්භීත නිලධාරිනියක්  රැක ගැනිමට නොහැකිවිම මාලිමාවේ මිගමුවේ ක්‍රියාකාරින්ට ගැටළු රැසක් නිර්මාණය කර තිබේ

දුෂිතයන්ට එරෙහිව පරිපාලන අධිකාරියේ ස්වාධින බව ඔප්පු කිරිම  අරභයා බිච් පාක් එක යළි නගර සභාවට ගැනිමට කඩිනම් පියවර ගැනිම නව කොමසාරිස්ගේ පළමු වැනි ලිට්මස් පරික්ෂණය බව සදහන් කරනු කැමැත්තෙමු.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here