නව රැඟුම් පාලක මණ්ඩලයෙන් ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ ට ප්‍රදර්ශන වරම්

0
44

oba nathiwea7සමන් අතාවුදහෙට්ටිගේ සභාපතිත්වයෙන් යුත් නව  ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් ප්‍රසන්න විතානගේ ගේ  ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ එකම දර්ශනයක්වත් නොකපා වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ගාමිණී සුමනසේකරගේ සභාපතිත්වයෙන් සහ ගාමිණී වේරගම- චන්ද්‍රසිරි පල්ලියගුරු  වැනි විචාරකයන්ගෙන් සැදුම්ලත් මහින්ද රජපක්ෂ ආණ්ඩුව යටතේ පැවැති රැඟුම් පාලක මණ්ඩලය මගින් ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ දර්ශන කිහිපයක්  සහ දෙබස් කිහිපයක් කපා හරිනතුරු මහජන ප්‍රදර්ශනයට ඉඩ දිය නොහැකි බව දන්වා තිබිණ.එම දර්ශන කපා හැරීමෙන් තම චිත්‍රපටයේ මූලික අර්ථය යටපත් වන බව  අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ දැනුම් දී තිබුණත් එම දෙබස් සහ දර්ශන නිසා අපේ හමුදාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වන බව ගාමිණී සුමනසේකර පවසා තිබිණි
www.lankalivestar.com