නස්මියාර් මන්ත්‍රි ආණ්ඩුවේද ?විපක්ෂයේද?තිරණය සිකුරාදා?

0
62

මීගමුවේ විපක්ෂයේ බහුතරයක් දෙනා වෙත එල්ලවි ඇති චෝදනාව වන්නේ ඔවුන් ආණ්ඩු පක්ෂයට සහය ලබාදෙන බවය.විශේෂයෙන්ම ගියවර මුදල් කාරක සභාව නියෝජනය කළ වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාට මුදල් කාරක සභාව තුල විපක්ෂ මන්ත්‍රිවරයකුටත් වඩා කටයුතු කර තිබුනේ ආණ්ඩුවේම කෙනෙකු ලෙසිනි

මෙවර මුදල් කාරක සභාව නිෙයා්ජනය කරන්නේ නස්මියාර් මන්ත්‍රිවරයා විසිනි.වසරේ පළමු මුදල් කාරක සභාව ලෙසින් මෙවර තිරාණාත්මක කරුණු ගණනාවක් මතුවිමට නියමිතය.
විශේෂයෙන්ම කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව නගර සභා සේවකයන්ගේ රැධිර පරික්ෂාව පිළිබද කොන්ත්‍රාත්තුව හේමාස් වෙත ලබාදි තිබුණි.
මෙය ඇතුඵු තවත් ගැටළු සහගත මුදල් වැය කිරිම් ගණනාවක් මෙහිදි සාකච්ජි කිරිමට නියමිතය.
මෙම කාරක සභාවට මැදිහත්වන ආකාරය මත නස්මියාර් මන්ත්‍රිවරයා ඉන්නේ කොයි පිළේදැයි දැනගැනිමට මහජනයාට අවස්ථාව ලැබෙනු ඇත.