නාගරික කොමසාරිස්ගේ පුතාගේ උපන් දින කේක් එක සහ ලෙනාඩ්ගේ රෙඩ් වයින් පාටිය ?

0
367

Wines_12-Bottle-Red-Case

මීගමුව මහ නගර සභාව පාලනය වන්නේ දැන් පරිපාලන අධිකාරිය භාරයේය.එහි ප්‍රධානියා වන්නේ නාගරික කොමසාරිස්ය.
එහෙත් ඔහුගේ ක්‍රියාකලාපය ගැන දැන් බරපතල චෝදනා එල්ලවන්නට පටන්ගෙන තිබේ.
එනම් මීගමුවේ දුර්දාන්ත හොරමගඩි කල්ලිවලින් විවිධ ආකාරයේ දොලපිදේනි ලබන්නෙකුගේ තත්වයට ඔහු පත්ව ඇති නිසාය.
ඒ අනුව ඉදිරි වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තෙක් මීගමුවේ නගර පාලනයට විවිධ මගඩි හා ජාවාරම් කරුවන් දැන් නිදහස් ඉඩක් ලබාගෙන ඇත්තේ කොමසාරිස්හට ලබාදෙමින් තිබෙන මේ කප්පම් හරහාය.
අප විසින් පසුගිය දිනක හෙළිදරව් කළ පරිදි නාගරික කොමසාරිස්වරයාගේ දරුවෙකුගේ උපන් දිනය සදහා මීගමුවේ කුප්‍රකට දුෂිතයෙකුගේ අනුග්‍රහයෙන් මීගමුවේ සුපිරි තරු හෝටලයකින් උපන් දින කේක් එකක් යවා තිබුණි.
එපමණක් මීගමුව මහනගර සභාවේ අංක එකේ කප්පම්කරුවෙකු ලෙසින් ප්‍රකට මීගමුව ජනතාවගේ බදු වංචා කරමින් රුපියල් කෝටි ගණන් මුදල් හම්බකර තිබෙන ලෙනාඩ් නැමැත්තා විසින් පසුගිය දිනක සංවිධානය කර තිබුන සාදයකට නාගරික කොමසාරිස්වරයාද ගොස් තිබුණ අතර ඔහු වෙත එහිදි ලෙනාඩ් විසින් සුදානම් කර තිබුනේ රෙඩ් වයින්ය.
ඒ අනුව දැන් මීගමුවට ඉන්නේ කේක් වලින් සහ රෙඩ් වයින් වල පාලනය කළ හැකි නාගරික කොමසාරිස්වරයෙකි.

 

Comments