නාගරික කොමසාරිස්වරිය දේශපාලකයන් පුම්බන වැඩවලට සල්ලි පොම්ප කරයි ! කම්කරුවන්ට අතිකාල දිමනා නැතිවෙයි ?

0
115

Dayan commi(7.00 am ) මීගමුව මහනගර සභාවේ සේවකයන් තමන් විසින් වැඩකොට උපයා ගත් අතිකාල දිමනා නිසි ලෙසින් ලබාගැනිමට නොහැකිව මේ වන විට අසරණව සිටින්නේ මිගමුව නාගරික කොමසාරිස්වරිය විසින් දේශපාලකයන් පිම්බවිම සදහා වන මැතිවරණ  දේශපාලන ව්‍යාපෘති සදහා නගර සභා මුදල් පොම්ප කිරිම හේතුවෙනි.
පළාත් පාලන නිතියටද පිටින් යමින් කොමසාරිස්වරිය ඇදි රහිත නිල්කමල් පුටු පළමුව 2000 ක්ද පසුව 700 ක් වශයෙන්  මිළදි ගැනිමට රුපියල් 3,6696,300.00 වැය කිරිමට දේශපාලන අධිකාරියට අවසර දි තිබේ.
එමෙන්ම වියළි ආහාර ලබාගැනිම සදහාද රු ලක්ෂ 80 කට ආසන්න මුදලක් මහජන බදුමුදල් වලින් යෙදවිමට පහසුකම් සලසා දි තිබෙන බැව් වාර්ථා වේ.
මේ අනුව රුපියල් කෝටියකටත් වඩා වැඩි මුදලක් පසුගිය මාස කිපය තුල දේශපාලන අධිකාරියට සිතැගි පරිද්දෙන් කටයුතු කිරිමට අනුමැතිය ලබා දි තිබුණි.
එහි ප්‍රථිපලය වි තිබුනේ මහනගර සභාවේ ස්ථිර කම්කරුවන් සදහා මාස 2 ක කාලයක් සදහා අතිකාල දිමනා පවා අහිමිව යාමයි.
රටේ මතුව ඇති තත්වය හමුවේ මුදල්වල අවශ්‍යතාවයද තදින්ම දැනෙන මොහොතක කම්කරුවන්ද අසරණ කරමින් කොමසාරිස්තුමිය පිනවා ඇත්තේ දේශපාලන අධිකාරියයි.