නාගරික කොමසාරිස් සහ නගරාධිපති හිතුවක්කාරි ලෙස නගරසභා භුමියේ ගස් කපලා ?

0
65

NGB mayorමීගමුව මහනගර සභා භුමිය තුල කිසිදු ගසක් මහසභාවේ නිසි අවසරයකින් තොරව ඉවත් කිරිමට කිසිදු අවසරයක් නොතිබියදි නාගරික කොමසාරිස්වරයා සහ නගරාධිපතිවරයා එක්ව දෙල් ගසක් කපා ඉවත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප අමතා කථා කළ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ පළාත් පාලන නිතිය ගැන හෝ මහසභා රෙගුලාසි ගැන වත්මන් නාගරික කොමසාරිස්වරයාද කටයුතු කරනු ලබන්නේ  කිසිදු දැනුවත් භාවයකින් තොරව බවය.
දේශපාලන අධිකාරියේ වැරදි සියල්ල වසාදමමින් ඒවාට සම්පුර්ණ සහය දක්වන්නට පරිපාලන අධිකාරියේ ඇතමුන් සැදැ පැහැදි සිටිම මේ නගරයේ අවාසනාව බවට පත්ව තිබේ.