නාගරික කොමසාරිස් සහ මන්ත්‍රිවරු මීගමුවේදි ගැටෙති.

0
51

5පලාත් පාලන ආයතනවල කාල සිමාව ඔක් 15 වෙනිදායින් නිමාවිමට තිබියදි මීගමුව මහනගර සභාවේ අවසන් මහසභා රැස්විමේදි ලබන වසර සදහා වන ටෙන්ඩර් 18 ක් සම්මත කර ගන්නා ලදි.
ඉන් 16 ක්ම සම්මතවුයේ කලින් වසර වලට වඩා සියයට ගණනක් වැඩිකර දිම හරහාය.මෙම ටෙන්ඩර් මෙහෙයුම පිළිබදව වඩාත් තියුණු සංවාදයක්ද නගර තුල මතුව තිබුණි.
කෙසේ වෙතත්  ඊයේ ( ඔක් 15) මීගමුව මහනගර සභාව තුල මහත්වු උණුසුම් තත්වයක් හටගත් රැස්විමක් විය.
ඒ මීගමුව නාගරික කොමසාරිස්වරයා සහ නාගරික මන්ත්‍රි මන්ඩලය අතරය.
වාර්ථා වන අන්දමට  කලින් මහසභාවේදි කඩිමුඩියේ සම්මත කරගන්නට යෙදුන ටෙන්ඩර් වලට අනුමැතිය දිම කොමසාරිස්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණ හෙයින් යැයි සැලය.
කෙසේ වෙතත් මේ උණුසුම් ගැටුමේදි ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් කොමසාරිස්වරයාට ගෙදර යන්න යැයි බල කර ඇති බවද සැලය.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවල කාලය දිර්ඝ කිරිමත් සමගින් පරිපාලන අධිකාරිය පරයා දේශපාලන අධිකාරිය බලවත් වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here