නාගරික මන්ත්‍රිගෙන් මාධ්‍යවේදින් පිරිසකට රාත්‍රි සාදයක් ! එයාව පුම්බන්නලු !

0
267

arrack(11.45 am ) සිය දේශපාලන භුමිකාව නිසා පසුගිය කාලය තුල මාධ්‍ය විසින් බරපතල විවේචනයකට ලක්වෙමින් සිටින නාගරික මන්ත්‍රිවරයෙකුට සිය චරිතය මාධ්‍ය මගින් පුම්බාගන්නට ඇවැසිව තිබුණි.
මේ නිසා මාධ්‍යවේදින් කැදවා කෑමක් බිමක් දි මේ කටයුත්ත කරගන්නට ඔහු කල්පනා කළේය.
මේ කටයුත්ත සංවිධානය කිරිම සදහා සහයට ඩැනි කෙනෙකුද විය. ඔහුද නාගරික මන්ත්‍රිවරයෙකි.
වරක් ඔහුගේද උදව් ඇතිව සාදයක් සංවිධානය කර තිබුණ අතර එ සදහා තවත් අයටද ඇරයුම් කර තිබුණි.
එහෙත් බලාපොරොත්තු වු ටික දෙනා හෝ නොපැමිණිම නිසා කෑමද ඉතුරු වුයෙන් ඒ ටික බෙදාගන්නට මාධ්‍යවේදින්ට ඇරයුම් කරමු යැයි සාදයේ හිමිකරු සහයට ඩැනි මන්ත්‍රිට යෝජනා කළේය.
ඒ අනුව ක්‍රියාත්මක වු සහයට ඩැනි මාධ්‍යවේදින් පිරිසකට කඩිමුඩියේ ඇරයුම් කර තිබුණ අතර ඒ අයට මෙම සාදයේ අරමුණද පැහැදිලි කර තිබුණි.
මේකයි කාරණේ මේ අපේ හිතවතාට මිපුර වෙබ් එකෙන් පහුගිය කාලේ ලොකු විවේචනයක් කරානේ . ඉතින් මිනිහට ටිකක් මාධ්‍ය පබ්ලිසිටියක් දැන් ඕනෑවෙලා.ඉතින් ඔයාලව මට ෂුවර් හින්ද ආරාධනා කලේ යැයි ද සහයට ඩැනි කියා තිබුණි.
කෙසේ වෙතත් එදා කෑමත් බිමත් ඉතුරු වුනේ කැදවුම් ලැබු කිසිදු මාධ්‍යවේදියෙකු නොපැමිණි නිසාවෙනි.ඉන් සති තුනකට පමණ පසු යළිත් වරක් මාධ්‍යවේදින් සදහා සාදයක් සංවිධානය කිරිමට අදාල නාගරික මන්ත්‍රිවරයා කටයුතු කර තිබුණි.
සිය විනෝදංශය සදහා යැයි කියමින් වෙබ් අඩවියක් පවත්වාගෙන  ඉඩම් බෝ‍කර්වරයෙකු විසින් මෙසේ අදාල මාධ්‍යවේදින් පිරිස සම්න්ධිකරණය කොට තිබුණි.
එහෙත් මේ ඉඩම් බ්‍රොකර්කරුට කැදවා ගත හැකිව තිබුණේ 4 දෙනෙකු පමණි. ඉන් 2 කක් කව්රුත් කියවන්නේ නැති වෙබ් අඩවි දෙකකි.
එක් ටිවි චැනලයක ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකුද ඒ අතර විය.අනික් ජාතික පුවත්පතක ප්‍රාදේශිය වාර්තාකරුවෙකි.මේ හතර දෙනාගෙන් දෙදෙනෙකු පමණ හොදහැටි සාප්පයම් වි තිබේ.
සාදය හමාර වි මාධ්‍යවේදින් නැගිට යාමට සැරසෙද්දි ඒක් මාධ්‍යවේදියෙකු අදාල නගාරික මන්ත්‍රිවරයාව පුද්ගලිකවම හමුවි විය යුතුයැයි යෝජනා කර තිබුණි.
ඔහු අර ටිවි චැනලයේ මාධ්‍යවේදියාය.
මන්ත්‍රිවරයාව හමුවිමට කාමරයට නොගිය මාධ්‍යවේදින්ද එහි සිදුව තිබුණ දේ ඉවෙන් මෙන් දැනගෙන තිබුණි.