නාගරික මන්ත්‍රි කපිලට එරෙහිව කම්කරුවෝ කොමසාරිස්ට පැමිණිලි කරති.

0
112

kapila 10මීගමුව මහනගර සභාවේ සනිපාරක්ෂක අංශයේ කම්කරුවන් පෙරියමුල්ල ප්‍රදේශයේ සේවයේ යෙදිමට මැළිකමක් දක්වති.ඊට හේතුව ලෙසින් වාර්ථා වන්නේ ඒ ප්‍රදේශය නියෝජනය කරන  සන්ධාන මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා විසින් ඔහුගේ නිවෙසේ ගෘහ සේවා කටයුතුවලට මේ කම්කරුවන්ව යොදාගන්නා නිසා බවය.
මේ පිළිබදව අප වෙබ් අඩවිය විසින් ද අවස්ථා ගණනාවකදි හෙළිකර ඇතත් අදාල බලධාරින් විසින් කමකරුවන්ට නිගාදෙන මේ තත්වය නවතාලිම සදහා කිසිදු පියවරක් ගෙන තිබුනේ නැත.
මේ සියල්ල ඉවසා දරාගත නොහැකි තැන ඔවුන් විසින් නාගරික කොමසාරිස්වරයා වෙත පැමිණිලි ලෙසින් ඉදිරිපත් කර තිබේ.
කපිල යනු නාගරික මන්ත්‍රිවරුන් අතර නීති කරුණු ගැන අනික් අය හා හරි හරියට හැප්පෙන නාගරික මන්ත්‍රිවරයෙකි..
තතු එසේ වුවද ඔහු විසින් මේ කරුණු ලබනා නොහොබිනා ක්‍රියාව කිසිවෙකුත් අනුමත නොකරන අන්දමේ සදාචාර විරෝධි එකකි.
මීගමුව නගරාධිපතිවරයා කපිලගේ කිට්ටු වන්තයෙකි.
මේසා බරපතල වැරදි කරද්දිත් මෙතෙක් කල් නගරාධිපතිවරයා නිහඩව සිටියේ කපිල ඔහුගේ බඩියෙකු නිසාද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here